Monday, June 15, 2020

පිස්සු කෙළින් නැතුව පොඩ්ඩක් පොසිටිව් වෙයල්ලා - ප්‍රශ්නයක් නම් කතා කරන්න

"අයියේ... පොඩ්ඩ්ක් කතා කරන්න පුලුවන්ද?"

"කියන්න"

"....."

"මොකෝ සීන්ස් එක?"

"නෑ මේ ... මාර චාටර් හලෝ. ඔක්කොම එපා වෙල ඉන්නෙ"

"කියන්න මල්ලි කියන්න. ඔය වගේ දෙවල් කතාවෙන්නම නෙ අපි ඉන්නෙ"

"ඔව් මන් දැක්ක ඔයා පෝස්ට් එකක් ඒමත් දාල තිබ්බ. සහනයක් ඕනෙනම් කතා කරමු කියල"

"අන්නේකයි. කියන්නකො ඉතින්"

"මන් ඇත්තම කියන්නම් මට සේරම එපා වෙලා ඉවරයි දැන් වෙද්දි මට ලොකුවට දෙයක් ..."

"ඒම කියන්න එපා බන්. ජීවිතේ එහම් පොඩියට ඉවර වෙන එකක් නෙවි. ජීවිතේ කියන්නෙ හෙන දිග කතාවක්. උඩ පාත. පාතට ගියා කියා කෙල වෙන්නෙ නෑ. හෙට උඹ සන්තෝසෙන්ම ඉන්න දවස වෙන්නත් පුලුවන්. පොසිටිව් වෙයන්"

"අයියෙ මට හිතෙනව වෙලාවකට .... ජීවිතේ ..."

"මොකක් හෝ ගැටලුවක් උනාද මල්ලි. කෙලිම්ම කතා කරමු"

"පොඩි ලව් කේස් එකක් තිබිල අල වුනා. ඒත් ඒකම නෙවි..."

"ගෙදරින් වලි දැම්ම?"

"ඔව් එයාගෙ හස්බන්ඩ්"

"කම්ප්ලිකේටඩ් කේස් එකක්. ඒම තමා බන් ලෝකෙ වෙනස් වෙනවනෙ"

"ඒකම විතරක් නෙවි අයියෙ දැන් ඩිග්‍රිය ඉවරයි, තාම ජොබක් නෑ. මේ යන තාලෙට තව කාලෙකට එන්නෙත් නෑ. මන් ඔය ටියුශන් එකක් අරකක් මේකක් කරාන ඉන්නෙ"

"ඒ ප්‍රශන කාටද නැත්තෙ. මගෙ ජොබ්බ්කන්ට්‍රක්ට් එක ඉවර වුනේ කෝවිඩ් ලෙඩ්ඩු 1000 පැන්න දවසෙ. වේකන්සි මොකුත් නෑ ජොබ් මාකට් එකේ. මෙහෙ ඔහෙ වගෙ නෙවි ජොබක් නැතුව ඉන්න ලේසි නෑ යකෝ. මන් ඌබර් පටන් ගත්ත. ඒ පාර මගුල ලොක්ඩවුන් කලා. උඹට කියන්න ඌබර් ඊට්ස් දුවල ඉන්නෙ. පුස් බයිසිකලේ"

"හප්ප මන් ඒත් හිතුව ඔයා එෆ් බී දාන තරමට ඒම අවුලක් නෑ කියල"

"අවුලක් නෑ. උඹ මේ මගුලක් කියනව එෆ් බී කොටන්නෙ වෙන වෑඩ්ක් නැති නිසානෙ බන්. නිකම් නෙවි දැන් මේ කොට කොට ඉන්නෙ පීස හට් එකේ. තාම කස්ටගෙ ඕඩරේ දාල නෑ"

"දුශ්කරයි කාටත් නේ... අයිය බැදල නෙ අක්ක ජොබ් එකක් කරනවද?"

"...."

"අයියෙ... මන් ඇහුවෙ බැදපු අක්ක ..."

"ඔව් බැදල නම් තමා"

"ඒකනෙ අයියෙ අපිට වගේ ජීවිතෙ තනි නැනෙ. මාත් අරකිට මැරිගෙන ලව් කලානෙ. ඒත් හස්බ ...."

"තනි? තනි නෙවි මෙහෙ යුද පිටිය"

"ඇයි මොකෝ සීන් එක?"

"මන් දැන් ගැනි එක්ක නෑ බන්."

"වෙන පලාතක රස්සාවක් .."

"නෑ යකෝ වෙන් වෙල ඉන්නෙ. ඒකි ඩිවෝස් ෆයිල් කරයි ලගදිම. ගේ ගත්තෙ ජොයින්ට් දාල. දැන් කෝමත් මට මෝගේජ් ගෙවන්න හැටියකුත් නෑ, ඒකිට විතරයි ජොබක් තීන්නෙ. මන් දැන් අගු පිල් වල"

"නෑ ... මාර සීන් එක. දෙන්න ගැලපුන් නැද්ද අයියෙ. අක්ක හිතු කෙන නෙවිද?"

"ඒක දිග කතාවක් බන්. හිතුවමත් ඔලුව නරක් වෙනව"

"මට වගේ තමා එහෙනම්. අයියගෙත් පරන මතක ඇතිනෙ"

"මතක නෙවි ... මට ... මට මගෙම ඔලුව බිත්තියෙ ගහගන්න හිතෙනව කරපු ගොන්කමට"

'බැන්ද එක?"

"ඒකත් එකක්. ඊට එහා ගොන්කම, මන් ඒ කාලෙ ඕකිට නෙට් එකේ මොකවත් තේරෙන් නැති කාලෙ එයාට එෆ් බී එකක් නැති නිසා මගෙ එෆ් බි එකේ පාස්වර්ඩ් දුන්න"

"ජොයින්ට් එකවුන්ට්"

"ඒ මලදානෙ තමා"

"ඉතින් අක්ක මොකද කලේ"

"අක්ක... මේකි අවුරුදු කීපෙකින් මට හොරා ලොග් වෙලා"

"අයිය පාස්වර්ඩ් එක වෙනස් කරල නෑ"

"කවුදෝයි හිතුවෙ"

"ඉතින අයිය දාන පොලිටිකල් සීන් වලට අක්ක ආස නෑ"

"ඒව නෙවි යෝදයො ඒකි ඉන්බොක්ස් බලන්න ඇවිත් තියෙන්නෙ"

"ඉතින් මොකද්ද මාට්ටු..."

"ලොකු එව්ව නෙවි බන් පොඩියට මල් කඩපුව. මේ සයිබරේ එහාකොනේ ඉන්න එකියො. දෑහට දැකලව්ත් නෑ. තේරුමක් නැති එව්ව."

"හප්ප"

"මේකි හිතන්නෙ මන් උන්ට ගිහින් කොරල ආව කියල. බැල්ලි"

"අයියෙ පොඩ්ඩක් සන්වාදයක් කරල"

"සන්වාදෙ සන්වාදෙ නෙවි මට වෙලාවකට හිතෙනව ..."

"කල බල වෙන්න එපා අයියෙ"

"කලබල නෙවි. මන් ඕකිට දෙන්නෙ සීතල ගේමක්. මට ඔය ගෙවල් අරක මේක ඕනෙ නෑ. මට තියෙන්නෙ වයිරෙ. ... මන් ඕකිව ... මන් ඕකිව මරාගෙන මැරෙනව දවසක්"

"අනේ බුදු අයියෙ ඒම කියන්න එපා බන්. ජීවිතේ ඒම පොඩියට ඉවර වෙන්න දෙන්න එපා. ජීවිතේ කියන්නෙ අර අයිය කිව්ව වගේ හෙන දිග කතාවක්. අර කිව්වෙ මොකද්ද උඩ පාත සීන් එකක්. එක පාරට කේස් කරගන්න එපා. සමාරවිට හෙට ජොබක් සෙට් වුනොත් අයිය ආයෙ අලුතෙන් පටන් ගනියි නෙ. පොඩ්ඩක් පොසිටිව් වෙයන් බන් අයියෙ"

4 comments:

  1. Aga mula dekama ekai neda? (Wijebahu)

    ReplyDelete
  2. ටහුඩු කිව්වලු :-O

    ReplyDelete
  3. ආතල්... මේක "කොහොමහ මේ දවස් වල ආර්ථිකය" කියලා පටන්ගත්තා නම් ලේටස්ට් හොට් ටොපික් එකකටත් පොඩ්ඩක් සෙට් වෙනවා. 🤣🤣🤣

    ReplyDelete