අරක්කුවත්ත දිහාවෙන් පොසොන් කාලෙට කැරකෙන හුළඟ සුබෝධියට දූවිලි බිඳක් පිම්බේය. අත් කොස්සක් ගෙන වහා දිව ආ ජයසිරි වීදුරු පිස දැම්මේ දේවකාරියක් මෙනි. සුබෝධියට වදින හැම දූවිලි පාරක් ගානේම මකුළු දැලක් සෙලවුනු විට දුව එන මකුළුවෙකු මෙන් ජයසිරි දුව එයි. ඒ එන හැම ගමනකදීම ලාච්චුවේ ඇති පඬු පැහැ ගැනුන බොහොම ගනකම පොතක් අතට ගන්නට අමතක නොකරයි. ඒ පොතේ ඉදිරි පිටේ ගැලවීගිය පතුරු අතර කළු පාට ප්ලැටිග්නම් පෑනකින් "ලෙජර පොත" කියා ලියා තියේ.
ජයසිරිගේ උනන්දුව නිසාම සුබෝධිය කඩ වීදියේ බැබලේ. කොහොමත් සුබෝධිය කඩ වීදියට අමුත්තකි. දුරාචාරයටම පමණක් ප්‍රසිද්ධ වූ අරක්කුවත්ත අයිනේ කඩ වීදියක පිරිකර හා පූජා භාණ්ඩ කියා බෝඩ් ලැල්ලක් දැකීම පුදුමයට කරුණකි. කඩ දෙකක් එහායින් ඇත්තේ අස්වර් ගේ මස් කඩයයි. තව දෙක තුනක් එහායින් රේස් බුකියයි. අතර මැද්දේ ඇත්තේ ගිනි ගානට බඩු විකුණන සිල්ලර කඩ කීපයකි. තව උකස් බඩු එකතු කරන කඩයක් සහ පත්තර තට්ටුවක් කෙලවරට වන්නට තිබේ. පත්තර තට්ටුව කිව්වට දුවන්නේ පත්තර මිටි අස්සේ හැංගු පනහේ සීයේ කෑලි වලිනි.
සුබෝධිය වැජඹෙන්නේ මෙහෙම තැනකය. කඩේ වීදුරු පෙට්ටි පුරවා ඇත්තේ පිරිකර, කුඩ, සුවඳ දුම් ආදී විවිධ පූජා භාණ්ඩ වලිනි. සුබ නැකතට ගෙට මුල්ගල තියන තැන සිට ගෙහිමියාගේ පාංශුකූලය දක්වා සෑම පූජා භාණ්ඩයක්ම මේ වහල යටින් ගත හැකිය.
සුබෝධියට නොදෙවැනි අමුත්ත ජයසිරිය. අරක්කු වත්ත අයිනේ තිබ්බට කඩ වීදියේ සෙල්ලම් කරන්නෝ පිටස්තරයෝය. ගාල්ල මාතර දිහාවෙන් ද නුවර මාතලේ දිහාවෙන් ද යාපන මන්නාරම් දිහාවෙන්ද ආ වෙළෙන්දෝ කඩ වීදිය පාලනය කරති. අරක්කුවත්තෙන් එකෙක් ඒ දිහාට එන්නේ එක්කෝ බඩු ගන්නටය. නැතිනම් කප්පම් ගන්නටය. ඒ දෙකටම නැතුව අරක්කුවත්තෙන් කඩ වීදියට ආවේ ජයසිරිම පමණි.
ජයසිරි අඳින්නේ සුදු සරම හා සුදු කමිසයකි. කොළඹ යන දවසක් වෙතොත් සුදු කලිසමක් අඳියි. හීනි රවුල් පේලියක් හනු දිගේ ඉතුරු කර හෙළි පෙහෙළි කල දෙකම්මුල ශේෂ කඳු ගහන කලාපයකි. නිදිබර වන්නට තතනන නමුත් හැමවිටම අවදියෙන් ඉන්න දෑස් සියවස් හතරකට වඩා දිග දශක හතරක කතාවක් සඟවා ගන්නට වෙර දරයි. තවම හිසකේ සුදු වී නැති තට්ටය ද පෑදී නැති ජයසිරි තමන්ට වඩා දස වසක් බාල තරුණයෙකු හා රූ සිරියෙන් තරග කරයි. තවම පිළිවෙලක් වී නැති මුත් අම්මා ළඟදීම සහකාරියක් සොයා දෙනු ඇති බවට ජයසිරිට විශ්වාසය. ඔහු කරන්නේ දන්නා දේවල් පමණි. නොදන්නා දේ අම්මා සොයා දෙනු ඇත.
"අපේ මුදලාලි මහත්තයෝ තමන්ගේ දේ තමන් රැක බලා ගන්න ඕනේ"
පිණ්ඩපාතේ වඩින අත්තදස්සි හාමුදුරුවෝ කතාබහක් පටන් ගන්නට තතනති.
"හාමුදුරුවනේ පොඩ්ඩක් ඔහොම ඉන්න." ජයසිරි කඩය තුලට දුවයි. සීයේ නෝට්ටුවක් ගෙන විත් පාත්තරයට දමයි. පිණ්ඩපාතේ වඩින්නේ දානය බලාගෙන වුවද අත්තදස්සි හාමුදුරුවන්ට දන් බෙදන්නට කවුරුවත් අරක්කු වත්තේ නොමැත. ඒ නිසා ලද දෙයින් තුටු වී සංඝ සීලයක අහුමුල්ලක් පලුදු කර ගන්නට සිදු වීම පාපයක් ලෙස උන් වහන්සේ නොතකති. පන්සලේ වැඩ වලට දෙන්න වෙන්නේ සල්ලිය. ටවුන් වල පන්සල් වගේ මේවාට සල්ලි දෙන්න කවුරුවත් නැත. කොටින්ම පන්සලේ වැඩ කටයුතු වලින් බාගෙකට පිරිවැය දරන්නේ හැමදාම නොවැරදී ලැබෙන ජයසිරිගේ නෝට්ටුවයි. ඒ නිසාම විනාඩි පහක කෙටි බනකින් තම අනේ පිඬු සිටු වරයාව තුටු කරන්නට උන් වහන්සේට අමතක නොවේ. කඩේ එලි පත්තේ සිමෙන්ති පඩියේ ඇන තියාන දොහොත් මුදුන් දී ඒ බන අහන්නට ජයසිරි කැමතිය. බණ කියා හාමුදුරුවන් නික්ම ගිය පසු හෙමිහිට කවුන්ටරය දිහාට යන ජයසිරි හොරෙක් මෙන් ලෙජර පොත දිග හරියි.
ලෙජර පොත කීවාට ජයසිරි දන්නා ලෙජරයක් නැත. ලෙජර නොදත් මුත් ඔහු බිස්නස් දනියි. ඒ නිසා සෑම භාන්ඩයකටම පොතේ පේලි දෙකක් ඇත. වැය වූ මිල එක පෙළකි. අය වූ මිල අනික් පෙළයි. වෙනස පහලින් එකතු වේ.
පන්සලට - 100/-
ඒකට පේලි දෙකක් නැත. දානය දෙනුවකි. ගනුවක් නැත.
දුරකථනය නාද වේ. පොඩි අක්කා හෑල්ලක් කියවයි. දිගු කතාව කෙටි කරන්නට ජයසිරි තතනයි.
"හරි බං දැන් කීයක් ඕනෙද?"
අනුන්ගේ ෆෝන් එකකින් ගත්තත් අක්කගේ උවමනා දිගය. පියරත්න අයියා දරුවන් තිදෙනෙකු සමග පාරට දමා ගිය පසු අක්කාට කොට කතා නැත. කාලයක් පාර අයිනේ ලයිට් කණු යට රස්තියාදු වුණත් වයසට දෙගුණයක් මහලු අක්කාට දැන් ඒ හැටි අවධානයක් නොලැබේ. ඒ අඩුව පියවන්නේ ලෙජර පොතයි.
අක්කට - 2500/-
තවත් තනි පේලියකි.
සෑම ව්‍යාපාරිකයෙකුටම මැණිකක් සේ රකින රහසක් ඇත. ජයසිරිගේ රහස ලෙජර පොතයි. කවුන්ටරයෙන් එහාට යන හැම වෙලාවකම පොත අතට ගනියි. කඩය වසා ගෙදර යන හැම මොහොතකම පොත දැඩි ගෞරවයෙන් මල්ලේ දමා ගනියි. කිසිවෙකු තමා අසල ගැවසේ නම් පොත විවර නොකරයි.
සෑම ව්‍යාපාරිකයෙකුටම අනියත බියක් ඇත. ජයසිරිගේ බිය කවදා හෝ ආදායම් බදු නිලධාරියෙකු හෝ වෙනත් නිලමක්කරුවෙකු පැමිණ මේ ලෙජර පොත විවර කරයි ද යන්නයි. ඒ නිසාම ඔහු කල්පනාවෙන් ගනුදෙනු සටහන් කර ගනියි.
දවස ගෙවෙන්නේ හෝන්දු මාන්දු ආකාරයටය. නාගරික පැල්පත් ආශ්රිත අරක්කු වත්ත අවට පළාතේ කඩවීදී ජනී ජනයාගෙන් පිරී පවතියි. එහෙත් සුබෝධියට ගොඩ වදින්නේ එහෙමත් එකෙකි. මිනිසුන්ගේ ඉපයුම වියදමට ළඟාවන තරමට පින දහම සුබ අසුබ දේවල් වලට දරන පිරිවැය අඩුය. එන සුළු පිරිසෙන් වැඩිම පිරිසක් එන්නේ අට පිරිකර ගන්නටය.
"ඔය අට පිරිකර කෙරුවාව කොරන්න නම් එපා ගොයියෝ" කොළඹ තොග වෙළෙන්දෙක් අනතුරු ඇඟවූ හැටි ජයසිරිට මතකය. "ඔව්ව තමුසේ කීයට දුන්නත් අහල පහල පන්සලේ දෙන ගානට එන්න බැහැ"
මේ වගේ කතා වලින් පසු බලන්නේ ජයසිරි නොවේ. එහෙම පස්සට හැරුනා නම් මේ සුබෝධියත් නැත. අරක්කුවත්තෙන් ඇවිත් පූජා භාණ්ඩ කඩයක් දැමීම ම සෙල්ලමක් නොවේ. එහෙත් හැම ඉරිදාම දහම් පාසල් ගිය පෝයට නොවරදි පන්සල් ගිය ජයසිරිට ඕනේ කම තිබ්බේ මේ සුබෝධියම දාන්නය.
ඉරිදාට දහම් පාසල් ගියාට ජයසිරි පාසල් ගියේ හතේ පන්තියට පමණි. එතැන් පටන් ජීවිත රෝදේ ස්පෝක් කම්බි තල්ලු කරන්නට ඔහුට සිදු විය. කඩේක බේකරියක දර මඩුවක ආදී ලෙස නොයෙකුත් ශිල්පයෙන් කෙල පැමිණි මුත් ලද අවසරයකින් දුටු පත්තර කෑල්ලක් කියවන්නට ඔහු පැකිලුනේ නැත. එමෙන්ම අඩුම ගානේ දහම් පාසලට නොවරදි යන්නට ඔහු කාලය වෙන් කර ගත්තේය. ඒ නිසාම නිසි පාසල් අධ්‍යාපනයකින් තොරව අරක්කුවත්තේ ඇසු පිරු ඇත්තෙකු වීමට ඔහුට හැකි විය. වෙන එකක් තියා සුබෝධියට නම දැම්මේද ඔහුය. අම්මා කේන්දර කාරයින්ගෙන් ගෙනා අකුරු ගලපා ගැලපෙන නමක් දාන්නට ඔහුට හැකි වීම සුබෝධිය තරම්ම ජයසිරිට ආඩම්බරයකි.
කිව්වා වාගේම අට පිරිකර අර්බුදය වෙළඳාම වසා ගත්තේය. විකුණන සෑම අට පිරිකරක් ම රවුමේ යන බව ජයසිරිට වැටහුණි. පන්සල හා දායකයා අතර ඒ රවුම කැරකෙන්නේ තමා ඊට පිටින් තබාය. බිස්නස් කාරයෙකු හැටියට මෙය දරා ගත හැකි දෙයක් නොවේ. ඒ නිසා ජයසිරි අපූරු සටන් මගකට වන්නේය.
"පන්සලෙන් ඔබ මිලදී ගන්නා මිලට වඩා අඩුවෙන් අපෙන් අට පිරිකර"
බැනරයක් සුබෝධිය උඩින් පළ විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සුරැකි ඔහු කිසියම් පන්සලක විකුණන මිලක් වෙතොත් ඊට අඩුවෙන් පිරිකර වික්කේය. පිරිකර නොවිකිනී ගොඩ ගැහෙන නිසා පන්සල් වලට ගොස් ඒවා අඩුවට ගත්තේය. ලාබ ද පාඩු ද කියා නිනව්වක් නැති මුත් ටික කලකින් පළාතේම පන්සල් වලින් එකතු කරන සියලු පිරිකර ඉතාම අඩු මිලට සපයන එකම වෙළෙන්දා බවට ජයසිරි පත් විය.
ලාබ ද පාඩු ද කියා නිනව්වක් තියෙන්නේ ලෙජර පොතටයි. හොඳින් බැලුවොත් ජයසිරිට පාඩු වූ දින ගණන ලාබ වලට වඩා වැඩිය.
මෙසේ නිතර පාඩු ලැබූවද පළාතේ සියලු පොදු වැඩ සඳහා ඔහු නොමසුරුව දායක විය. පෝය දාට හිඟන්නන්ට දානයක් දෙයි. හදවතේ සිදුරක් ලියුකේමියා තැලසීමියා රෝගී දරුවෙකුට සම්මාදම් එකතු කලොත් ජයසිරි ඉදිරියෙන්ම සිටියි. පාසල් දරුවන්ට කොපි පොත් බෙදා දේ. හැම වෙසක් එකටම දන්සැලක් තනි වියදමෙන් කරයි. ගිය වර තොරණේ ප්‍රධාන අනුග්රාහකයාය. ඊළඟ පාර තනියම තොරණ කරන්නට ජයසිරි සිතා සිටියි.
මේ සෑම සමාජ සේවයකින්ම ලෙජර පොත වැහැරේ. එහෙත් ඔහුගේ කිතු ගොස පැතිරේ. සමිති සමාගම් වල ලොකුම පුටුව ලැබේ. අවුරුද්දට කොටහළු මගුලකට මේස ඉඳුල් කරන්නට ආරාධනා එමටය. වරක් සාර්ථක ව්‍යාපාරිකයින්ගේ රහස් පල කරන ව්‍යාපාරික පුවත්පතක ලේඛකයෙකු ජයසිරිගේ කතාව එහි පළකරන්නට ඉල්ලා සිටියේය. වෙන ඕනෑම දෙකට ඉඩ දෙන මුත් ඔහු මේකට ඉඩ දුන්නේ නැත. ජයසිරිගේ රහස ලෙජර පොතයි. ඔහු එය මැණිකක් සේ රකියි.
නගර සබා චන්දෙට චන්දය ඉල්ලන ලෙස පීරිස් මන්ත්‍රී තුමා කීප වතාවක්ම ඔහුට පැවසීය. එහෙත් ජයසිරි ඊට කැමති වුනේ නැත. ඊට හේතුව බූරුගොඩේ කපිල ය. තමා මෙන්ම පැල්පත් සමූහයකින් පැමිණ සල්ලිකාරයෙකු වූ කපිල ජයසිරිව නොරුස්සයි. දෙන්නටම ඉල්ලුම ඇත්තේ ආණ්ඩු පක්ෂයෙනි. එහෙත් ජයසිරිට කපිල හා තරගයක් නැත.
තමා හා සම වූවන් සමග තරග කිරීමට ජයසිරි කැමැත්තක් නොදක්වයි. එක වගේ දෙන්නෙකුට පැවැත්මක් නැත. එය ජයසිරිට කීවේ අරක්කු වත්තේ ගුණයා ය. පොඩි පොඩි කප්පම් එකතුවෙන් නමක් දිනා හුන් ගුණයා ඒ රස්සාවම කරගෙන ගිය ජයසිරිගේ තාත්තා සමග නිතර ගැටුනේය. ජයසිරි අම්මාගේ ගවුම පස්සේ හැංගී උන්නු පුංචි කාලයේ ගෙදරටම කුණුහරුප කියාගෙන ආ ගුණයා ඒ කතාව කියා යන්න ගියේය. බොහොම දිගට ඇවිලුණු ඒ කතාව අහවර වූයේ ජයසිරිගේ තාත්තා සුදු යකඩ අඟල් හයක් බස්සවා ගෙනය. ඒ ජයසිරි හතේ පන්තියට සමත් වූ වසරයි.
සම වූවන් හා තරග කිරීම ජයසිරි නුරුස්සන්නේ එහෙයිනි. ඒ නිසාම ඔහු කපිලට ඉඩ දී පස්සට විය. අපායට ගියත් ඉස්සර වන්න කියා ජයසිරි අසා තිබේ. එහෙත් මෝඩයින් ඉස්සර වන බවට පිටරට පිරුලක් පත්තරේක කියවා ඇත. ජයසිරි තේරුවේ දෙවැන්නයි. නගර සබාව ඉක්මවා බලය සහිත පළාත් සබා චන්දය ළඟ ඒ. කපිලයා නගර සබාවට ගිය පසු පීරිස් මහත්තයාට වතු පැත්තෙන් ඉන්නේ තමන් පමණි. ජයසිරි සිහින දකින්නේ පළාත් සබාවේ තව වසරකින් දිවුරුම් දෙන්නටය.
මේ සෑම දෙයකින්ම තව තවත් අඩු වන්නේ ලෙජර පොතේ එකතුවයි. දවසේ එකතුව ගණන් කලොත් රිණ දහස් බර ගානකි. ඒ නිසාම ජයසිරි දැන්ම එකතු නොකරයි. සියල්ල දවස ඉවර වෙන තුරු කල් දමයි.
වැඩිපුර සිදුවීමක් නොවී දවස හමාර විය. ජයසිරි සුබෝධිය වසා ලෙජර පොත මල්ලේ දමා ගෙන මෝටර් බයිසිකලයේ නැගී අරක්කු වත්ත දිහාට පියඹා ගියේය. ලෙජර පොත කවුරුන් හෝ දකී යන බය හිත හොල්මන් කරයි. මේ වෙද්දී ශුද්ධ පාඩුව බර ගානකි. මෙහෙම බිස්නස් නොදුවන බව ඕනෑම එකෙකුට වැටහෙනු ඇත.
දවසේ ඉතිරිය ද හැමදාම ගෙවෙන්නේ එකම ආකාරයටය. ජයසිරි බයිසිකලය නවතා අම්මා හදා දෙන තේ එක බී කමිසය වැලට දමා බැනියම පිටින් පිළිකන්න දිහාට යයි. ඒ පැත්තට ගඟට වෙනකම් ඇත්තේ පුරන් වූ වෙල් යායකි.
"මුදලාලි මහත්තයා විවේකෙට වෙල දිහාට යනවා වගෙයි. අනේ හොඳයි හුස්මක් අරගෙන එන්න අපේ මහත්තයෝ" රේකොඩින් එකක් වගේ අම්මා කියවයි. අම්මා මෙහෙම කටපාඩමේ කියවන්නේ තමන් ව ම රවටා ගන්නට ද කියා ජයසිරි සිතා නැත. අම්මා මේ කතාවේ දිග පළල දන්නේ නැතිවා වන්නට බැරිය. එහෙත් මේ වෙලාවේ තම පුතා වෙල් එළියේ විවේක සුවයෙන් ඉන්නා හැටි දකින්නට මේ අම්මා ආස ය. අඩුම ගානේ මෙහෙම කීමෙන් ඒ චිත්ත රූපය ක්ෂණයකින් සිතේ මැවීම ඇයට ප්‍රීතියකි. ඒ ප්‍රීතිය බිය පහ කරන නිසාවෙනි.
අම්මාගේ කතාව මෙන්ම වෙල් එළියේ ඇති සුවය ද පට්ටපල් බොරුවකි . තැන තැන පල් වූ නාගරික අපද්‍රව්‍ය ගහන මේ වෙළට පිටස්තරයෙක් එන්නේ එහෙමත් වෙලාවකටය. තැනින් තැන ඒ ඒ තැනට ආවේනික වූ දුගඳ හමයි. මහ රූස්ස පඳුරු බිමින් නැගී ගොම්මන් අඳුරේ හොල්මන් කරති. ඒවා අතර ජයසිරිට ලැබෙන විවේක සුවයක් නැත.
මීටර දෙතුන් සියයක් අමනුස්ස වාසය දිහාට යනවිට අඳුරු මුල්ලකින් හෙවනැල්ලක් මතුවේ. වෙනකෙකු දුටුවොත් බියේ සැලෙන රෞද්‍ර පෙනුමැති මිනිසෙක් ජයසිරි හා සිනාසේ.
"පියදාස අයියේ" ජයසිරි නතර වේ.
"ජයසිරි මහත්තයෝ මස්ත බාල්දුයි. බොරුවක් නෙවෙයි" පියදාස අතේ ඇති මිටියක් ජයසිරි අතට දේ. ජයසිරි මිටිය ගනියි. විසිපන්දාහකි.
"පාලම පනින කොටම බෝතල් දාගෙන ගිය වීල් එක ඇල්ලුවා. සෝමෙය මාළුවා වගේ ගැහෙනවා. වෙලාවට ජරාදිගොඩ යා හිටියේ පොලිසියේ. එතනම බාගයක් ඉවරයි"
"එකනේ බං උඹට කියන්නේ බෝතල් ගහන්න එපා කියලා. පොලිතීන් පැකට් ගහපන් අයියේ. එක ඕන අස්සක දාගෙන යන්න පුළුවන්"
"මහත්තයා කියනවා තමා. කොල්ලන්ට ඔව්ව පිළිවෙලක් කොර කොර ඉන්න බැහැ. මේවා දුවන සෙල්ලම්"
"හිටහන් මං පොලිතීන් පුරුද්දන මැසිමක් ගෙනත් දෙන්න"
"අන්න එහෙම එන්න"
"ජරාදිගොඩයා කාලකන්නියා. එත් ඌ නැත්නම් අපි මේක දුවන්නේ කොහොමද?" ලාබය අඩු වීම ජයසිරි සාධාරණය කරයි. ජනාධිගොඩ කියන්නේ පළාතේ පොලිසියේ සාජන් ටය.
"ආන් ඌවත් මාරු කරන්න යනවලු. මයෙන් ඇහුවා පීරිස් මහත්තයට කියලා පොඩි සප් එකක් දෙන්න බැරිද කියලා"
පළාත් සබාවේ වටිනාකම ඇත්තේ මෙතනය. ජයසිරි ඇතුලට ගියොත් පීරිස් අවශ්‍ය නොවේ.
"මං කතා කරලා බලන්නම්"
සමු දීමකින් තොරව දෙදෙනා වෙන් වේ. ජයසිරි ඉනතුරේ පැස සඟවයි. ඉනතුරේ සගවා හුන් ලෙජර පොත එලියට ඒ.
පිරිකර (අය) - 25000/-
හිටි ගමන් ශේෂය ධන වේ. මෙතෙක් බියෙන් සලිත වූ සිත නිදහස් වේ. හොරෙක් මෙන් සැඟව හුන් ජයසිරි ගේ ආත්මය සිනා සී කතා කරන්නට පටන් ගනියි. දැන් මේ ලෝකයේ ඕනෑම ජගතෙකුට ලෙජර පොත කියවන්නට හැකිය. මෙතැන් සිට හෙට උදෑසන දක්වා ජයසිරි අවංක මිනිසෙකි.