[අගෝස්තු දහතුන දිනමිණේ පලවූ විශේෂාංගයක්]
පියෙන් පිය ගල් පඩි ගනිමින් ආරෝහ පරිණාහ තරුණයා කඳු ගැටය නගියි. සිය ජීවිතයේ වැදගත්ම මොහොත එළඹී බව සිහිපත්වත්ම ඔහුගේ ගමන වේගවත් වේ. ජනපදයේ හැම හතර කොනකම කරක් ගසා ඇති මුත් ඔහු මෙතෙක් පය නොගැසූ එකම බිම මේ සාගරබද හිරිගල් කඳුගැටය පමණි.
"නවතිනු" අවසන් මුරපොලේ සෙබළු නැවත ඔහුව පිරික්සති.
"තිබෝව් ඔබ ගැන ඇති සැකයකට නොවේ"
"මම දන්නවා ඒ ඔබේ රාජකාරිය"
"මේ අන්තිම මුරපොළ තිබෝව් මෙතනින් උඩට නුඹ දෙවියන්ගේ ලෝකයේ"
තිබෝව් බර අඩි තබමින් මහන්සිය සඟවමින් නැවත පඩි නගියි. ඉහල කෙලවරේ ඝන ලෝගු පටලවා ගත් ඔහුගේ පියා ඇතුළු පූජක පිරිස යොවුන් තරුණයාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් රැස්ව සිටිති.
"ආරක්ෂාවේ අප දේව මෑණියන්ගේ බැසිලිකාව" දුරාතීතයට නෑකම් කියන බසකින් ලියවුනු පලකයක් පසෙක දිස්වේ. මදක් දුර ගිය තැන බිමට සමතලා වී ඇති බැසිලිකාවේ හා එහි මහා කුළුණේ නටඹුන් දැකිය හැකිය. කලකට පෙර මේ කුලුන මස්තකයේ වැජඹුණු එවකට ඒකදේව ආගමක සංකේතයක් වූ ඒ මහා පිළිමය මද දුරකින් නැවත ප්‍රතිෂ්ටාපනය කොට වර්තමානය විසින් බිහිකළ ආරක්ෂාවේ අප දෙවඟනගේ දෙවොල දැකිය හැකිය. පූජකයෙකු නොවන මාසියා දේශයේ වැසියෙකු යන උපරිම දුර සලකුණු කල ශිලාමය මායිම ඉනික්බිත්තෙන් දැකිය හැකිය. තිබෝව් නොදන්නා ලෝකය ඇත්තේ ඉන් ඔබ්බේය.
"පුතා තිබෝව්, උඹ දැන් හැඩිදැඩි කොල්ලෙක්"
මහලු ප්‍රධාන පූජකයා තම පුතනුවන් වැළඳ ගත්තේය. ගොවීන් ධීවරයින් හෝ දඩයම් කරුවන්ට වඩා වෙනස් පූජක පවුල්වල පියවරු නිවෙස් බලා එන්නේ ඉඳහිටය. පුරුෂ පාර්ශ්වය පමණක් නිරතවන විවිධ පූජක වෘත්තීන් උදෙසා ඔවුන්ගේ කාලය කැප කෙරේ. තිබෝව් අවසාන වරට සිය පියා දුටුවේ මාස කීපයකට පෙරයි.
"තිබෝව් මේක හොඳට අහගනින්. නුඹ මේ පය තබන්නේ ශුද්ධ වූ භූමියටයි. ඒ බිමට පය තැබූ සැවොම පූජක වරය ලබනවා. තව මොහොතකින් නුඹත්. පූජක දිවිය නුඹේ කෙළිලොල් තරුණ දිවියට හාත්පසින්ම වෙනස්. එහෙත් එයට අවශ්‍ය සියලු දේ නුඹ තුල තියෙන බව මට විශ්වාසයි. පූජකයෙක් කියන්නේ රහස් රකින්නෙක්. නුඹ මේ සීමාවෙන් ඔබ්බෙහි දකින කිසිම දෙයක් නුඹේ පූජක සගයෙකුට හැරෙන්නට වෙනත් කාටවත් කියන්න එපා. එසේ කීම නුඹේ ජීවිතයේ සමාප්තිය වේවි"
"එහෙමයි පියාණෙනි"
"නැවත හොඳින් අහපන්. උඹ එහෙම කලොත් මරණ දඬුවම පමුණුවන්නේ මේ මම. එහි බරපතලකම නුඹට තේරෙනවද?"
"එහෙමයි"
"මේ රහස් නුඹේ පෙම්බරිය හෝ මෑණියන් සමගවත් කතා කරන්න එපා"
"එහෙමයි"
"තිබෝව්, පූජකයෙක් වෙද්දී නුඹ දන්නේ නැහැ පූජකයෙක් කියන්නේ කවුද කියලා. එය අප කාටත් වෙච්ච දෙයක්. ඉදිරි කාලය නුඹ කැප කල යුත්තේ නොදන්නා මිනිහෙක් ලෙස කාරණා දැන ගන්න. ඕනෑම දෙයක් ප්‍රශ්න කරපන්"
"ඕනෑම දෙයක්?"
"ඔව්"
"දෙවියන් ගැන. දෙවියන්ගේ ආලෝකය ගැන පවා?"
"පුතා, සාමාන්‍ය මාසියානුවෙකුට දෙවියන් ගැන හෝ දේවාලෝකය ගැන ප්‍රශ්න කරන්න තහනම්. එහෙත් පූජකයෙකුට එහෙම නැහැ. පූජක වෘත්තීය තුල ප්‍රශ්න කිරීමට සීමා නැහැ"
තිබෝව් මොහොතක් කල්පනා කරයි. ප්‍රශ්න කිරීමට නිදහස ඇතිනම් කුඩාකල සිට එකතු කල ප්‍රශ්න වට්ටෝරුවක් ඔහු සතුය.
"අපි ප්‍රශ්න අහන්න කතා කරන්න කාලය පසුව වෙන් කරමු. දැන් නුඹ ඇතුළු වන්නේ පූජනීය පෙදෙසට. එහි තිබෙනවා නුඹට වෙන්වූ කාමරයක්. මේ සීමාව පසු කල මොහොතේ නුඹ පූජකයෙක්. අකමැතිනම් ආපහු පලයන් තිබෝව්. කැමතිනම් අපි ගිමන් හැර කතා කරමු"
"කැමතියි පියාණෙනි. මට ඕනේ පූජකයෙක් වෙන්න. ඒ තමා මගේ එකම පැතුම"
"එහෙනම් අපි යමු"
පියා පසුපස යන තිබෝව් පූජනීයත්වයේ රේඛාවට නමස්කාර කළේය. අමුතු යමක් දැනෙනවාදැයි හිස අත ගා බැලුවත් එහෙම කිසිත් නැත. දෙවියන් තමන් හා කතා කරනු ඇතැයි සිතුවද එවැන්නක් සිදු වූයේද නැත.
පූජනීය පෙදෙස තැනින් තැන පිහිටි ලොකු කුඩා කුටි රාශියකින් සමන්විතය. පූජක දිවිය ගෙවන සියයකට ආසන්න පිරිසක් වෙසෙන මේ බිම පහල කඳු බඳේ ඇති ආරක්ෂක රැකවල් වට කීපයකින් සුරක්ෂිතය. කුටියේ මද විරාමයක් ගන්න තැත් කළත් කුතුහලය සහ උනන්දුව නිසා තිබෝව් නැවතත් පූජක පිරිස කරා පැමිණියේය.
"පියාණෙනි ඔබ ඕනෙම දෙයක් අහන්න කිව්වා. මගේ ප්‍රශ්න ලැයිස්තුව දිගයි"
"අහන්න තිබෝව්"
හැඩිදැඩි සිරුරක් හා නිර්භීත සිතක් හිමි තිබෝව් මාසියා දේශයේ නොකළ දෙයක් නැත. ධීවර බෝට්ටුවක, ගොවිබිමක පමණක් නොව උතුරු ග්ලෙසියර කඳු මත දඩයම් කරුවන් සමග පවා දිව ගිය අතීතයක් ඔහුට තිබේ. ඔහු දන්නා බොහෝ දේ ඇත. නොදන්නා දේ ඊට වඩා ඇත.
"උතුරු ග්ලෙසියර කඳු වල දඩයමේ මම ගිහින් තියෙනවා. ග්ලෙසියරය තුනී තැන්වල පැරණි ශිෂ්ටාචාරයක් මතුවෙනවා. නටඹුන් මාසේයි වරාය හා ඉපැරණි නගරයට වඩා විශාල පෙදෙස් වල පැතිරුණු ශිෂ්ටාචාරයක්. එවැන්නක් ග්ලෙසියර එක්ක කවදාවත් හැදෙන්න බැහැ. මොකද්ද පියාණනි වෙලා තියෙන්නේ?"
"ශිෂ්ටාචාරය ග්ලෙසියරයට වඩා පරණයි පුතා. අපේ පූර්වජ මිනිස් ප්‍රජාවන් මාසියාවේ පමණක් නොව මේ මුළු මහද්වීපයේම විශාල ශිෂ්ටාචාරයක් ගොඩ නැගුවා. එපමණක් නොවේ එය ඔය මුහුදෙන් එහා තියෙනවා කියන සහරා වනාන්තර බිම තුලත් පැවතුනා. මේ මුළු ලෝකෙම..."
"... මිනිසා ශිෂ්ටාචාරය නිර්මාණය කළේ ග්ලෙසියර යුග දෙකක් අතර කාලය තුල කියලයි කියවෙන්නේ. එය වසර දහ තුන් දහසක කාලයක්, ග්ලෙසියර යුගයකට වඩා බෙහෙවින් කෙටියි. නැවතත් මේ ග්‍රහලෝකය එහි සාමාන්‍ය තත්වය වන ග්ලෙසියර යුගයකට ගියා. අප සතු ග්ලෙසියර යුග වල දැනුම අනුව මෙය දිගටම වෙච්ච ක්‍රියාවලියක්. දීර්ඝ ග්ලෙසියර යුග සහ අතරමැදි කෙටි උණුසුම් කාල..."
"... අවාසනාවට මිනිසා ශිෂ්ටාචාරය හදන්නේ එහෙම කෙටි උණුසුම් කාලෙක. නුඹ දකින්නේ ග්ලෙසියර හැදෙන්න කලින් තිබ්බ නගර වෙන්න ඕනේ"
"ඒවායේ උන්නු මිනිස්සු?"
"ටික ටික පහලට ආවා. සමහරු මැරිලා යන්න ඇති. ග්ලෙසියර යුගයක් බවට සම්පුර්ණයෙන් පත් වෙන්න වසර සිය ගානක් ගිහින් තියෙනවා. ඒ අතර බේරිලා සංක්‍රමණය වෙච්ච මිනිස්සු මේ වෙරළ දිගේ පදිංචි වුනා."
"ඇයි අපි මේ මුහුදෙන් දකුණට නොයන්නේ"
"තිබෝව් නුඹ ධීවර තරුණයින් සමග මුහුදු ගියානම් ඒ ප්‍රශ්නය අහන්නේ නැහැ. වහල්කමට අපේ ධීවරයින් අල්ලාගෙන යන මුහුදින් එහා දකුණුදිග මිනිසුන් ගැන අසා නැද්ද?"
"පියාණෙනි මම ඔවුන් සමග සටන් කරලත් තියෙනවා. ඒත් මුළු මාසියාවම යාත්‍රා හදාගෙන දකුණට ගියොත් අපිට බැරිද ඔවුන් පරදන්න? මං කියන්නේ අපි විතරක් නෙවෙයි ඉතාලියාවේ ඉස්පැනියාවේ ඉන්න මිනිස්සුත් එකතු කරගෙන."
"තිබෝව් ඒ ප්‍රශ්නය අනාගතයට බාරයි පුතා. පූජකයින් ලෙස අප උත්සහ කරන්නේ මාසියාව රැක ගන්න. අපේ හතුරා ඉන්නේ දකුණේ නොවේ උතුරේ. ඒ කළු මිනිස්සු නොවේ සුදු ග්ලෙසියරය. ග්ලෙසියරය සමග හටන තමයි පූජක දිවිය කියන්නේ"
පියාගේ මතය සමග ඒකමතිකව එකඟ වන බව සියලු පූජකයෝ හිස සලා සනිටුහන් කළහ.
"තිබෝව් නුඹට මේක දවසකින් දෙකකින් ඉගෙන ගන්න බැහැ. ඒ නිසා අපි දැන් යමු ප්‍රධාන දේවස්ථානය ඇතුළට. මට තියෙනවා බොහෝ දේ නුඹට පෙන්වන්නට."
ප්‍රධාන දේවස්ථානය තරමක විශාල ගොඩනැගිල්ලකි. මාසියානු ගෘහ නිර්මාණ ශිල්පයට යාහැකි උපරිමය බොහෝ විට මේ දෙමහල් විශාල ගොඩනැගිල්ල විය යුතුය. පූජකයින් පසුපසින් ඇදෙන තිබෝව් විශාල ශාලාවකට ඇතුළු විය. ශාලාව පුරා තබා ඇති දිගු මේස මත කිසියම් අමුතු උපකරණ රැසක් පේලියට තබා තිබේ. බැලු බැල්මටම මාසියානු හැකියාවන් ඉක්මවන මේ නිර්මාණ සිය පියා කියූ ස්වර්ණමය අතීතයෙන් පැවතෙන උපකරණ ලෙස තිබෝව් සැක කළේය.
"විද්‍යුත් පරිගණක. වසර හාරදාහකට වඩා පරණයි. මේ එකක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ"
"මේවා මෙහෙම තියන්නේ ඇයි?"
"පූජකයෙකුගේ කාලයෙන් වැඩි හරියක් මිඩංගු වන්නේ පරිගණක එක්ක කටයුතු කරන්න තිබෝව්. ඉතින් මේ අක්‍රිය පරිගණක වල යතුරු පුවරු හා අනිකුත් උපකරණ සමග පරිගණක භාවිතය ගැන යම්කිසි අවබෝධයක් ලබා දෙන්න තමයි මේවා මෙතන එකතු කරන්නේ"
"එතකොට පුහුණු පූජකයෙක් භාවිතා කරන්නේ මොන පරිගණක ද?"
"ප්‍රකාශ පරිගණක, විදුලි ධාරා වෙනුවට ආලෝක ධාරා වලින් ක්‍රියාකරන්නේ. ඒවායේ ආයුකාලය දිගයි. ඒ නිසා තවමත් වසර දහස් ගණනක් ඒවා සුරක්ෂිතව තියෙනවා. එන්න මේ පැත්තෙන්"
ශාලාවේ කෙලවර ඇති අගුලු දැමු දොර විවර කළ පූජක කණ්ඩායම අඳුරු කොරිඩෝවකට ඇතුළු වූහ. ඉන්පසු ඒ මේ අත දිවෙන ප්‍රහේලිකාවක් බඳු පැටලිලි සහගත මගක් ඔස්සේ ඇදුණු ගමන කෙළවර වූයේ තවත් එක කාමරයකිනි. පෙර ශාලාවේ මෙන්ම මෙම කාමරයේද දිගු මේස මත තැබූ උපකරණ රාශියක් විය. විද්‍යුත් පරිගණක වලට වඩා දියුණු පෙනුමක් සහිත ප්‍රකාශ පරිගණක මේ මොහොතේද ක්‍රියාත්මකව පැවතුනි. සූර්ය බලයෙන් ලැබෙන විදුලියෙන් ක්‍රියාත්මක වූ පද්ධතිය එහි නිමවුම්කරුවන් බලාපොරොත්තු වූ පරිදිම වසර හාර දහසකට ආසන්න කාලයක් සාර්ථකව ක්‍රියාත්මක විය. මින් පෙර කිසිම දිනයක නොදුටු අපූර්ව ඉලක්කම් රටාවන් ඇදෙන පරිගණක තිරය දෙස තිබෝව් ඇසිපිය නොහෙලා බලා හුන්නේය.
"මේක මම ක්‍රියා කරවන්නේ කොහොමද?"
"පූජක පුහුණුව දිගයි පුතා. මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ අපි. නුඹට බැරි වෙන්න විදිහක් නැහැ"
"මේවා හදන්නෙත් පූජකයින්ද?"
"නැහැ තිබෝව් මේවා දැන් හදන්න හැකියාවක් නැහැ. මේවා ක්‍රියාත්මක කරන්න පමණයි අප දන්නේ. ඉඳගන්න තිබෝව්"
"ආරක්ෂාවේ අප දෙවඟනගේ කන්ද නගිද්දී මට තිබ්බේ කොලයක් දිගට ප්‍රශ්න ලැයිස්තුවක්. පියාණනි දැන් ඒක පොතක් තරම් දිගයි."
අසුනකට බර වෙමින් තිබෝව් පැවසීය.
"අපි ඒ ප්‍රශ්න දැන් නිරාකරණය කර ගනිමු"
"පියාණෙනි, දඩයක්කාරයින් ග්ලෙසියරයට නොයන කිසියම් කාලයක් තියෙනවා. ඒ කාලයට කලින් ග්ලෙසියරය ක්‍රමයෙන් මාසියාව දිහාට වර්ධනය වෙනවා. එහෙත් ඒ කාලයට පස්සේ මම දකිනවා තැනින් තැන ග්ලෙසියරය දියවෙලා ගිහින් කියලා. කූඩාරමින් පිටට නොඑන ඒ කාලසීමාව තුල ඈත අහසේ රතුපාට ආලෝක කදම්භයන් මහා පොලොවට පතිත වෙනවා කියා ඔවුන් මට කිව්වා"
"දෙවියන්ගේ ආලෝකය"
"ඔව්. පියාණනි, මට කමා කරන්න. මා කළ වරදක් ගැනයි මේ කියන්නේ. ඒ ආලෝකය පතිත වන එක දවසක් සියලු දෙනාටම හොරෙන් මම ඒ ආලෝකය වැටෙන තැනට ගියා පියාණෙනි. මම දැක්කා ඒ ආලෝක කදම්භ වැදිලා ග්ලැසියරය දියවෙනවා. මගේ මේ දෑසින්ම"
"නුඹ පූජකයෙකු නොවුනා නම් ඒ වරදට මැරුම් කන්න ඉඩ තිබ්බා තිබෝව්"
"පියාණනි ඒ විතරක් නෙවෙයි ඒ ආලෝක කදම්භය දිගේ මම ඉහල බැලුවා. ඒ කදම්බභයේ කෙළවර තාරුකා අතර එක දීප්තිමත් තිතක් අහසේ තියෙනවා. තාරකා රටා රාත්‍රී අහසේ ගමන් කලාට ඒ තිත කොහෙවත් යන්නේ නැහැ. පියාණනි ඒ තමයි දෙවියන්. මම දෙවියන් දැක්කා පියාණනි"
"තිබෝව් අහගනින්" ගැඹුරු එහෙත් සියුම් හඬකින් මහලු පූජකයා කතාව පටන් ගත්තේය.
"ඔව් ඒ තමා දෙවියන්. මේ මාසියා දේශයේ වැසියන්ට ප්‍රශ්න කිරීම තහනම් වූ, හැමගේ පූජනීයත්වය ලබන ආලෝකයේ දෙවියන් තමයි ඒ ..."
"... ඒ දෙවියන් තම ආලෝකයෙන් ග්ලෙසියර දිය කරනවා එය සත්‍යයක් ..."
"... හැබැයි ඒදෙවියන් නම් තිබෝව් මේ පරිගණක තමා ඒ දෙවියන් එක්ක අපේ ඇති සම්බන්ධය"
සුළු නිහඬතාවයක් රජ කරන අතර සියලු පූජකයින් හිස සලමින් එය අනුමත කළහ.
"ඒ කියන්නේ පියාණනි දෙවියන් කියන්නේ "
"තිබෝව් ආලෝකයේ දෙවියන් ලෙස අප හඳුන්වන්නේ අපේ පූර්වජයන් විසින් නිර්මාණය කල කිසියම් වස්තුවක් ..."
"... මිනිස් ශිෂ්ටාචාරය ළඟ එන ග්ලෙසියර යුගයක් ගැන දැනගත්ත ගමන් ඔවුන් ග්ලෙසියර මර්ධනය කරන්න තම උපරිම හැකියාව යෙදෙව්වා. ඔවුන් සූර්යයාගේ ශක්තිය අරගෙන ඒවායෙන් තාපය ජනනය කරලා ඒ තාප කිරණ ග්ලෙසියර මත පතනය කල හැකි අපූර්ව වස්තුන් නිපදවා අපිට ඉහල අහසේ හරියටම අන්න අර දිහාවෙන් ඒවා රඳවා තැබුවා. ඒ උපකරණ විසින් අප ලබාදෙන කාල වෙලාවක ග්ලෙසියර වර්ධනය වන ස්ථාන වලට තාප කදම්භ මුදා හරිනවා. ඒ මගින් තරමක් හෝ ග්ලෙසියර දියකර හරිනවා..."
"... මේ පරිගණක තමා ඒ පද්ධතිය ක්‍රියාත්මක කරවන සම්බන්ධය. මේ සම්බන්ධිකරණ මැදිරිය තිබ්බේ දැන් ග්ලෙසියර වලින් වැහුණු කඳුවල. අවාසනාවකට පද්ධතියට හැකියාවක් නැහැ ග්ලෙසියර තනිකර පාලනය කරන්න. වඩාත් සීතල උතුරුදිග පෙදෙස් වල ග්ලෙසියර වර්ධනය වන වේගය වැඩියි. ඒ නිසා පසුව පාලක මධ්‍යස්ථානය මේ ඉපැරණි බැසිලිකාව සහිත කඳු මුදුනට ගෙන ආවා..."
"... අද පූජකයින් ලෙස හඳුන්වන අප පැවතෙන්නේ එදා මේ පද්ධතිය ක්‍රියාත්මක කළ විද්‍යාර්ථින්ගේ පවුල්වල අයගෙන්. මාසියානු දේශය නිර්මානය කෙරෙද්දීම ග්ලෙසියර පාලන රේඛාවක් එවකට හුන් පූජක හෙවත් විද්‍යාර්ථින්ගේ ප්‍රජාව තීන්දු කළා. එදා පටන් සහශ්‍රයක් තිස්සේ අපි ඒ රේඛාවෙන් මෙහාට ග්ලෙසියරයේ වර්ධනය වලක්වන්න සමත් වෙලා තියෙනවා"
"පියාණෙනි එතකොට පූජකයෙක් කියන්නේ"
"ඉතාම නිරවද්‍ය කියවීමෙන් පූජකයෙක් කියන්නේ ඒ අතීත මෙවලම් ක්‍රියාත්මක කිරීමේ කලාව දන්නා කෙනෙකුට. එය පවුලේ දරුවන්ගෙන් දරුවන්ට පැවරෙන රහසිගත ශිල්පිය දැනුමක්. එහෙත් සාමාන්‍ය මාසියානු වැසියන් මේ රහස් දැනගැනීම වලකන්න අපි පූජනීයත්වයක් අප මත පවත්වා ගන්නවා. අප මෙය දේවාලයක් ලෙස නොපවත්වා ගන්නේ නම් අර කන්දේ අප වටා තියෙන මුර කපොලු අපට මේ ආරක්ෂාව දෙන්නේ නැහැ. ආත්මාර්ථකාමී මාසියානු බලවතෙක් අපට එරෙහිව යන්න පුළුවන්. අප පූජනීයත්වයක් ආරූඩ කරගන්නේ මේ පද්ධතිය සුරකින්න"
"එතකොට අර ස්තෝත්‍ර, ගාථා එහෙම තියෙනවා කියන්නේ"
"බොහෝ ගැඹුරු කාරණා නොවැටහෙන නිසා සමහර දේවල් විද්‍යා කරුණු අඩංගු ස්තෝත්‍ර ගණිතමය ගාථා ආදී ලෙස කට පාඩමේ ගෙන එනවා. ඒ වගේම අතීතයෙන් සුරක්ෂිත කල පොත් රාශියක් සහිත පුස්තකාලයක් අපිට තියෙනවා. පූජක ප්‍රජාව අතීතයේ ප්‍රකට ප්‍රංශ ඉංග්‍රීසි වැනි භාෂා හදාරනවා. ඒ පොත්වල වැදගත් කරුණු මාසියානු බසින් ගල් පුවරුවල සටහන් කෙරෙනවා...."
"... පූජකයෙක් කියන්නේ අන්න ඒ දේවල් කරන මිනිහෙකුට තිබෝව්. අපි මේ සියල්ල කරන්නේ උතුරින් එන ව්‍යසනය පාලනය කරන්න. මේ සටන අපි දිනයිද පරදියිද දන්නේ නැහැ. මේ ප්‍රකාශ පරිගණක තව කොපමණ කලක් ක්‍රියාත්මක වේද? දෙවියන් ඒ ආලෝකය තව කොපමණ කලක් පොලොවට එවාවිද කියා අපි දන්නේ නැහැ. ඒ කාලය තුල මේ ලෝකය නැවතත් ග්ලෙසියර උනා දමා මිනිසාට ශිෂ්ටාචාරයක් හදන්න නිදහසක් දේවිද?"
"දෙවියන්වත් මේ ප්‍රශ්න වලට උත්තර දන්නේ නැහැ තිබෝව්. එහෙත් අපිට නැතිවෙන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙනවා සටනක්. නුඹ වැනි තරුණයින් අපට අවශ්‍ය ඒ සටන ඉදිරියට ගෙනයන්න"
තිබෝව් නිසොල්මනේ ප්‍රකාශ පරිගණක තිර දිගේ දුවන ඉලක්කම් රටා දෙස බලා සිටියි. ඒ පරිගණක දිගේ දුවන මීට පෙර නුහුරු රටා වල අර්ථය ගලපන්නට තිබෝව් ගේ සිත උත්සහ කරයි. තම හෙට දිනය හෙළි කරන සැබෑ දෙවියන් ඇත්තේ ඒ ඉලක්කම් රටා තුල බව වැටහුණු ප්‍රීතියෙන් තිබෝව්ගේ මුවගේ සිනහවක් නැගී ඇත.