ටැක්සි රථය ඉගිලී යයි. මහ පාර නිදිගත් වන මය. ඉඳහිට කොනකින් මතුවන වාහනයක් සැනෙන් අතුරුදන් වේ. මේ මහ රාත්තිරියේ කාටත් ගෙදර යන්නට කලබල ඇති.
නවීන පන්නයේ එම්පී ත්‍රී ප්ලේයරයෙන් නන්දා මාලිනියගේ කර්ණ රසායන සංගීතය වෑස්සේ.
--------
වෙනදාට වඩා ප්‍රමාද වූ මා දවසේ වැඩ කන්ද නිම කරන විට අන්තිම බස් එකත් ගොසිනි. අවේලාවේ යන්නට ටැක්සියක් දෙන්නට සේවා ස්ථානය නොපැකිලේ.
සියක් වරටත් ටැක්සි සේවයට කතා කල මට මගේ ටැක්සිය "මේ ළඟ" ඇති බවට පුරුදු උත්තරය ලැබුණි. මා අන්තිමේදී පාරට ආවේ පැය බාගයක් තිස්සේ "මේ ළඟ හරියේ" එමින් සිටි ටැක්සිය හොයා ගන්නටයි.
මට එවූ ටැක්සිය නොවුවද වෙනත් එකක් එහි විය, මගේ අවශ්‍යතාවය ඔහුට කියූ සැනින් මා නිවසට හැරලන්නට ඔහු නොපැකිල ව ඉදිරිපත් විය.
ටැක්සි කාරයා පියාඹන්නට හොඳින් දනියි.
"සර් මං දාන්නද සිංහල ක්ලැසිකල් සින්දු"
"අවුලක් නැහැ"
නන්දා මාලිනියගේ හඬ අවදි විය.
"මං අහන්නේ මේ යුගයේ සින්දු විතරයි සර්. සෙවන්ටිස් එයිටීස්."
"මාර හොඳ ටැක්සි කාරයෙක්" මට සිතුනි.
"නියම සිංහල සංගීතය" ඔහු කීය.
"ඔව් ඔව්"
"මේ මිනිස්සු එක්ක හිට ගන්න අද ඉන්න එවුන්ට පුළුවන් ද?"
"ඒක නේන්නම්"
"බලන්න සර් තාලේ සංගීතය කටහඬ"
"ලස්සනයි නේ"
"හැබැයි වඩා ම වටින්නේ මේකේ අර්ථය"
හදිස්සියකට දොඩමලු වුවද ටැක්සි කාරයිනුත් මහා දාර්ශනිකයින්.
"මේ විදිහට ජීවිතය හැඩ ගස්ස ගන්නවා නම් මේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳිලා" නන්දාගේ බුද්ධානුභාවයෙන් ඔහු කීය.
"ඇත්ත" මම හූමිටිය පවත්වා ගතිමි.
"අහලා තියෙනවද සුනිල් එදිරිසිංහ"
"නෑ පිස්සුද කවුද ඒ පොර" වගේ දෙයක් අහන්නට තරම් කේන්තියක් මට ඇතිවිය. මිනිස්සු තමන් දන්නා ගායකයින් ගැන ආඩම්බර වෙති. මාත් මනුස්සයෙකි.
"සිරා නේ" මගේ මුවින් පිට විය.
සුනිල් ගෙ සම්භාව්‍ය ගීත කිහිපයක අරුත මට පැහැදිලි කර දෙන්නට ඔහු ඉදිරිපත් විය.
"දැන් ඉන්න එකෙකුට පුළුවන් ද ඕවා?"
"වැඩක් නෑ කියලා"
කිලෝ මීටර ගෙවුනේ මෙපරිද්දෙනි.
නිශා යාමේ දඩයමක් කරන්නට පූසාට සිත් වුයේ මේ මොහොතේය. පූසා ගෙදර හදපු එකෙක් ද නැතිනම් පාරේ එකෙක්දයි මට විශ්වාස නැත. ඌ දඩයමට තෝරා ගත්තේ පාරේ අනික් පැත්තයි.එසේ නොවන්නට සිංහල සංගීතය ගැන දේශනය නොනවතිනු ඇති.
පූසා පියඹා එන ටැක්සිය ඉදිරියෙන් පාර පැන්නේ පුළුවන් නම් බේරනවකෝ කියමිනි. "ක්රීස්" කියා ගහපු බ්රේක් පාරින් කාටවත් අනතුරක් උනේ නැත.
සුළු තත්පරයක බින්දුවට පැමිණ නැවත අපි ඉගිලුනෙමු.
"පූසෝ ඔහොමනෙ සර්. හැරෙන්නේ නැහැ" අපි සංගීතයෙන් ඔබ්බට ගියෙමු.
"ආ.."
"පූසා විතරයි ඔහොම. අනිත් ඔක්කොම ආපහු හැරෙනවා"
"ඔව් ඔව් මාත් දවසක් පුස් බයිසිකලෙන් යන කොට පැන්නා තලගොයෙක්" මටත් ඉන්න බැරි හැටි.
"හැරුනා නේද?" ඔහු මා දෙස හැරී ප්‍රීතියෙන් කීය.
"ඔව් නේ. මං උගේ උඩින් ගියේ" මම මගේ මහා රිය අනතුර විස්තර කළෙමි.
ඔහු සිනාසුනී.
"මොකුත් වෙන්නෑ. රබර් වගේ" ගුවන් පාලමේ ආරක්ෂක වැට නුලෙන් බේරමින් ඔහු කිවේය.
"කාලා තියෙනවද තලගොයි?" ඔහු මගෙන් ඇසිය.
"නැහැ"
"මං කාල තියෙනවා. නියමයි"
මම උත්තර සොයමින් ගුවන් පාලමෙන් ඉහල අහස බැලීමි.
"මුලින් ටිකක් අප්පිරියයි. හැබැයි පස්සේ මාර ආසයි" මං හිතුවේ මේකා එක පාරක් කාපු එකෙක් කියයි. දැන් බැලුවම නිතර කන බවක් පෙනේ.
"කැලේ ගිහින් තියෙනවද?" දැන් දැන් ඔහුගේ ස්වරය බොහොම ආඩම්බරකාරයි. මං ඔටුවා එහෙනම්.
"ඔව් ඔව් හයික්ස් සෆාරි එහෙම. හැබැයි කෑම්පින් වගේ ලොකු වැඩ නම් කරලා නැහැ. දවසක කරන්න ඕනේ" මම කීවෙමි.
"කෑම්පින්...? ඔව්ව මහා වැඩ ද?" ඔහු මොල්ලිය පෙන්නා දුන්නේය. මම ඔටු භාවය පිළිගනීමින් නිහඬ වීමි.
"අපි යනවනේ හන්ටිං"
මොකක්?
"රෑට තමයි යන්නේ. ලයිට් එහෙම අරගෙන. බල්ල තමයි ගේම රන් කරන්නේ"
"ආ දඩයම් බල්ලෝ" මා හෝඩි පොතේ චිත්‍ර දැක පුදුම වන පොඩිත්තෙකු මෙනි.
"මාර බල්ලෝ ඉන්නේ. ට්‍රේන් කරලා. හාව අල්ලලා හුරන්නෙවත් නැතුව තද කරගෙන ඉන්නේ අපි එනකම්."
"ඒක හොඳයි ලේසියි අත අරින්න එතකොට" හිතුනට මා කීවේ නැත.
"හාව ඉව්වවම මුල් ම පංගුව බල්ලට. නැතිනම් ඌ ස්ට්‍රයික්"
විනෝදයට දඩයමේ යන්නෙකු මුණ ගැසුණු පළමු අවස්ථාව මෙයයි.
"ඔගොල්ලන් සෙට් එකක් ද යන්නේ?"
"ඔව්"
"කට්ටිය යනවා ට්‍රිප් වගේ?" දඩයක්කරුවන්ගේ ජීවිතය ගැන මගේ කුතුහලය.
"මට තමයි දුර. එහෙ සෙට් එකත් එක්කනේ යන්නේ"
"එහෙ කිව්වේ"
"බුත්තල, අපි බහින්නේ එහෙං. බුත්තල කිව්වට යාල ම කෑල්ලක්."
විනෝදයට දඩයමේ යන්නේ ලඳු කැලෑ වල. රක්ෂිත අභය භුමි වල විනොදෙට දඩයමේ යාම, හරියට කඳු නගින්නෙකු ලෝකාන්තය කඹයක් නැතුව බහින්නා වැනි වැඩකි.
ප්‍රශ්න වලට වඩා මට වික්ෂිප්ත භාවය වැඩිය.
"ගෝන්නු මුවෝ තමයි වැඩියෙන් ම. අපි සති ගණන් ඉන්නේ ගියාම"
විනෝදයට මෙහෙම දඩයමේ යන සිරිතක්.
"කොහොමත් එක ට්‍රිප් එකකින් සෑහෙන ගානක් සෙට් වෙනවා. පාඩු නැහැ. උන් නම් තනිකර යැපෙන්නේ ඒකෙන්. මං බැලන්ස් එකේ කරන්නේ"
අරුත්බර සිංහල සංගීතය ප්‍රිය කරන සුචරිතවාදී දාර්ශනිකයා තලගොයි මසින් ඔබ්බට ගොස් විනෝදයට දඩයම් කරන්නා පසුකර නීති විරෝධී දඩයක්කරුවෙකු හා දඩමස් වෙළෙන්දෙකු දක්වා ගියේ කිලෝ මීටර කිහිපයකිනි. වෙනස් වන චරිත ප්‍රවාහය ඉදිරියේ මා නිරුත්තරයි.
"ගෝනමස් කාල තියේද?" ඔහු ඇසිය.
"න් නෑ"
මම ගොත ගැසීමි.
"මුව මස්?"
ඔහු ප්‍රශ්නය ලෙහෙසි කළේය.
"ආ එක පාරක්" මා ගිල්ටි ස්වරයකින්.
"නෑ මේ අපි දන්න පොරක්, ටිකක් තග් ටයිප් පොරක්, එක පාරක් මිනිහව යැව්වා ගංජා හේනකට. මිනිහ ඒ කාලේ මුව මස් වික්ක. එක පාරක් මාත් කාල තියෙනවා" මගේ පාපොච්චාරණය.
"මුව මස් ටිකක් කොළ රහයි" ඔහු මගේ පව් සමා කලේ එලෙසිනි.
"මාත් ගිහින් තියෙනවා ගංජා හේන් වල. අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර මාර හයේ හතරේ පොරක්. මුදලාලි කෙනෙක් පොරට දුන්න ගංජා හේනක් කරන්න. දැන් පොර තමයි දුවන්නේ. අපි හන්ටිං යන්නෙත් එහෙං. මාත් ඉන්නවා හේනේ සමහර කාල වල." ඔහු හුස්මට කිවේය.
"අ යන්න කියන්න ලොවටම ඇහෙන්න...." නන්දා ඔහේ කියවන්නිය.
තව සුළු මොහොතකින් අපි ගමනාන්තයට පැමිනියෙමු. ගෙවීම හා බිල් කටයුතු කරන අතර කතාව අහවර විය.
ටැක්සී කාරයාට සමු දී ගෙට ගොඩ වන විටම දුරකථනය වැදුනි.
"සර් අර ටැක්සියක් එවන්න කිව්වේ. මේ දැන් ආවා සර්"
පැයකට පමණ පෙර සිට "මේ ළඟ" හුන් මගේ නියමිත ටැක්සි කරුවා පැමිණ ඇත්තේ දැන් ය.