ටැක්සි රථය ඉගිලී යයි. මහ පාර නිදිගත් වන මය. ඉඳහිට කොනකින් මතුවන වාහනයක් සැනෙන් අතුරුදන් වේ. මේ මහ රාත්තිරියේ කාටත් ගෙදර යන්නට කලබල ඇති.
නවීන පන්නයේ එම්පී ත්‍රී ප්ලේයරයෙන් නන්දා මාලිනියගේ කර්ණ රසායන සංගීතය වෑස්සේ.
--------
වෙනදාට වඩා ප්‍රමාද වූ මා දවසේ වැඩ කන්ද නිම කරන විට අන්තිම බස් එකත් ගොසිනි. අවේලාවේ යන්නට ටැක්සියක් දෙන්නට සේවා ස්ථානය නොපැකිලේ.
සියක් වරටත් ටැක්සි සේවයට කතා කල මට මගේ ටැක්සිය "මේ ළඟ" ඇති බවට පුරුදු උත්තරය ලැබුණි. මා අන්තිමේදී පාරට ආවේ පැය බාගයක් තිස්සේ "මේ ළඟ හරියේ" එමින් සිටි ටැක්සිය හොයා ගන්නටයි.
මට එවූ ටැක්සිය නොවුවද වෙනත් එකක් එහි විය, මගේ අවශ්‍යතාවය ඔහුට කියූ සැනින් මා නිවසට හැරලන්නට ඔහු නොපැකිල ව ඉදිරිපත් විය.
ටැක්සි කාරයා පියාඹන්නට හොඳින් දනියි.
"සර් මං දාන්නද සිංහල ක්ලැසිකල් සින්දු"
"අවුලක් නැහැ"
නන්දා මාලිනියගේ හඬ අවදි විය.
"මං අහන්නේ මේ යුගයේ සින්දු විතරයි සර්. සෙවන්ටිස් එයිටීස්."
"මාර හොඳ ටැක්සි කාරයෙක්" මට සිතුනි.
"නියම සිංහල සංගීතය" ඔහු කීය.
"ඔව් ඔව්"
"මේ මිනිස්සු එක්ක හිට ගන්න අද ඉන්න එවුන්ට පුළුවන් ද?"
"ඒක නේන්නම්"
"බලන්න සර් තාලේ සංගීතය කටහඬ"
"ලස්සනයි නේ"
"හැබැයි වඩා ම වටින්නේ මේකේ අර්ථය"
හදිස්සියකට දොඩමලු වුවද ටැක්සි කාරයිනුත් මහා දාර්ශනිකයින්.
"මේ විදිහට ජීවිතය හැඩ ගස්ස ගන්නවා නම් මේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳිලා" නන්දාගේ බුද්ධානුභාවයෙන් ඔහු කීය.
"ඇත්ත" මම හූමිටිය පවත්වා ගතිමි.
"අහලා තියෙනවද සුනිල් එදිරිසිංහ"
"නෑ පිස්සුද කවුද ඒ පොර" වගේ දෙයක් අහන්නට තරම් කේන්තියක් මට ඇතිවිය. මිනිස්සු තමන් දන්නා ගායකයින් ගැන ආඩම්බර වෙති. මාත් මනුස්සයෙකි.
"සිරා නේ" මගේ මුවින් පිට විය.
සුනිල් ගෙ සම්භාව්‍ය ගීත කිහිපයක අරුත මට පැහැදිලි කර දෙන්නට ඔහු ඉදිරිපත් විය.
"දැන් ඉන්න එකෙකුට පුළුවන් ද ඕවා?"
"වැඩක් නෑ කියලා"
කිලෝ මීටර ගෙවුනේ මෙපරිද්දෙනි.
නිශා යාමේ දඩයමක් කරන්නට පූසාට සිත් වුයේ මේ මොහොතේය. පූසා ගෙදර හදපු එකෙක් ද නැතිනම් පාරේ එකෙක්දයි මට විශ්වාස නැත. ඌ දඩයමට තෝරා ගත්තේ පාරේ අනික් පැත්තයි.එසේ නොවන්නට සිංහල සංගීතය ගැන දේශනය නොනවතිනු ඇති.
පූසා පියඹා එන ටැක්සිය ඉදිරියෙන් පාර පැන්නේ පුළුවන් නම් බේරනවකෝ කියමිනි. "ක්රීස්" කියා ගහපු බ්රේක් පාරින් කාටවත් අනතුරක් උනේ නැත.
සුළු තත්පරයක බින්දුවට පැමිණ නැවත අපි ඉගිලුනෙමු.
"පූසෝ ඔහොමනෙ සර්. හැරෙන්නේ නැහැ" අපි සංගීතයෙන් ඔබ්බට ගියෙමු.
"ආ.."
"පූසා විතරයි ඔහොම. අනිත් ඔක්කොම ආපහු හැරෙනවා"
"ඔව් ඔව් මාත් දවසක් පුස් බයිසිකලෙන් යන කොට පැන්නා තලගොයෙක්" මටත් ඉන්න බැරි හැටි.
"හැරුනා නේද?" ඔහු මා දෙස හැරී ප්‍රීතියෙන් කීය.
"ඔව් නේ. මං උගේ උඩින් ගියේ" මම මගේ මහා රිය අනතුර විස්තර කළෙමි.
ඔහු සිනාසුනී.
"මොකුත් වෙන්නෑ. රබර් වගේ" ගුවන් පාලමේ ආරක්ෂක වැට නුලෙන් බේරමින් ඔහු කිවේය.
"කාලා තියෙනවද තලගොයි?" ඔහු මගෙන් ඇසිය.
"නැහැ"
"මං කාල තියෙනවා. නියමයි"
මම උත්තර සොයමින් ගුවන් පාලමෙන් ඉහල අහස බැලීමි.
"මුලින් ටිකක් අප්පිරියයි. හැබැයි පස්සේ මාර ආසයි" මං හිතුවේ මේකා එක පාරක් කාපු එකෙක් කියයි. දැන් බැලුවම නිතර කන බවක් පෙනේ.
"කැලේ ගිහින් තියෙනවද?" දැන් දැන් ඔහුගේ ස්වරය බොහොම ආඩම්බරකාරයි. මං ඔටුවා එහෙනම්.
"ඔව් ඔව් හයික්ස් සෆාරි එහෙම. හැබැයි කෑම්පින් වගේ ලොකු වැඩ නම් කරලා නැහැ. දවසක කරන්න ඕනේ" මම කීවෙමි.
"කෑම්පින්...? ඔව්ව මහා වැඩ ද?" ඔහු මොල්ලිය පෙන්නා දුන්නේය. මම ඔටු භාවය පිළිගනීමින් නිහඬ වීමි.
"අපි යනවනේ හන්ටිං"
මොකක්?
"රෑට තමයි යන්නේ. ලයිට් එහෙම අරගෙන. බල්ල තමයි ගේම රන් කරන්නේ"
"ආ දඩයම් බල්ලෝ" මා හෝඩි පොතේ චිත්‍ර දැක පුදුම වන පොඩිත්තෙකු මෙනි.
"මාර බල්ලෝ ඉන්නේ. ට්‍රේන් කරලා. හාව අල්ලලා හුරන්නෙවත් නැතුව තද කරගෙන ඉන්නේ අපි එනකම්."
"ඒක හොඳයි ලේසියි අත අරින්න එතකොට" හිතුනට මා කීවේ නැත.
"හාව ඉව්වවම මුල් ම පංගුව බල්ලට. නැතිනම් ඌ ස්ට්‍රයික්"
විනෝදයට දඩයමේ යන්නෙකු මුණ ගැසුණු පළමු අවස්ථාව මෙයයි.
"ඔගොල්ලන් සෙට් එකක් ද යන්නේ?"
"ඔව්"
"කට්ටිය යනවා ට්‍රිප් වගේ?" දඩයක්කරුවන්ගේ ජීවිතය ගැන මගේ කුතුහලය.
"මට තමයි දුර. එහෙ සෙට් එකත් එක්කනේ යන්නේ"
"එහෙ කිව්වේ"
"බුත්තල, අපි බහින්නේ එහෙං. බුත්තල කිව්වට යාල ම කෑල්ලක්."
විනෝදයට දඩයමේ යන්නේ ලඳු කැලෑ වල. රක්ෂිත අභය භුමි වල විනොදෙට දඩයමේ යාම, හරියට කඳු නගින්නෙකු ලෝකාන්තය කඹයක් නැතුව බහින්නා වැනි වැඩකි.
ප්‍රශ්න වලට වඩා මට වික්ෂිප්ත භාවය වැඩිය.
"ගෝන්නු මුවෝ තමයි වැඩියෙන් ම. අපි සති ගණන් ඉන්නේ ගියාම"
විනෝදයට මෙහෙම දඩයමේ යන සිරිතක්.
"කොහොමත් එක ට්‍රිප් එකකින් සෑහෙන ගානක් සෙට් වෙනවා. පාඩු නැහැ. උන් නම් තනිකර යැපෙන්නේ ඒකෙන්. මං බැලන්ස් එකේ කරන්නේ"
අරුත්බර සිංහල සංගීතය ප්‍රිය කරන සුචරිතවාදී දාර්ශනිකයා තලගොයි මසින් ඔබ්බට ගොස් විනෝදයට දඩයම් කරන්නා පසුකර නීති විරෝධී දඩයක්කරුවෙකු හා දඩමස් වෙළෙන්දෙකු දක්වා ගියේ කිලෝ මීටර කිහිපයකිනි. වෙනස් වන චරිත ප්‍රවාහය ඉදිරියේ මා නිරුත්තරයි.
"ගෝනමස් කාල තියේද?" ඔහු ඇසිය.
"න් නෑ"
මම ගොත ගැසීමි.
"මුව මස්?"
ඔහු ප්‍රශ්නය ලෙහෙසි කළේය.
"ආ එක පාරක්" මා ගිල්ටි ස්වරයකින්.
"නෑ මේ අපි දන්න පොරක්, ටිකක් තග් ටයිප් පොරක්, එක පාරක් මිනිහව යැව්වා ගංජා හේනකට. මිනිහ ඒ කාලේ මුව මස් වික්ක. එක පාරක් මාත් කාල තියෙනවා" මගේ පාපොච්චාරණය.
"මුව මස් ටිකක් කොළ රහයි" ඔහු මගේ පව් සමා කලේ එලෙසිනි.
"මාත් ගිහින් තියෙනවා ගංජා හේන් වල. අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර මාර හයේ හතරේ පොරක්. මුදලාලි කෙනෙක් පොරට දුන්න ගංජා හේනක් කරන්න. දැන් පොර තමයි දුවන්නේ. අපි හන්ටිං යන්නෙත් එහෙං. මාත් ඉන්නවා හේනේ සමහර කාල වල." ඔහු හුස්මට කිවේය.
"අ යන්න කියන්න ලොවටම ඇහෙන්න...." නන්දා ඔහේ කියවන්නිය.
තව සුළු මොහොතකින් අපි ගමනාන්තයට පැමිනියෙමු. ගෙවීම හා බිල් කටයුතු කරන අතර කතාව අහවර විය.
ටැක්සී කාරයාට සමු දී ගෙට ගොඩ වන විටම දුරකථනය වැදුනි.
"සර් අර ටැක්සියක් එවන්න කිව්වේ. මේ දැන් ආවා සර්"
පැයකට පමණ පෙර සිට "මේ ළඟ" හුන් මගේ නියමිත ටැක්සි කරුවා පැමිණ ඇත්තේ දැන් ය.

ටැක්සිය විතරද වැරදි? මිනිහගෙ ටෝක්ස් ඇහුවම ජීවිතේම වැරදිලා වගේ. අහං හිටියෙ ඔටුවෙක් හින්දම හොඳයි... :D
ReplyDelete"මේ ළඟ හරියේ එන ටැක්සිය"
"...ඔහු මොල්ලිය පෙන්නා දුන්නේය."
"ඔහු මගේ පව් සමා කළේ එලෙසිනි."
"කර්ණ රසායනයෙන්" පටන් ගත් නන්දා "ඔහේ කියවන්නීය."
මේ වගේ යෙදුම්වලින් වචනාර්ථයෙන් එපිටට යන විග්‍රහයක් ලැබෙනවා. ඒ වගේම ටැක්සිකරුවාගේ හා ගමන්කරුවාගේ භාෂා ව්‍යවහාරය, හරිම තාත්විකව යොදාගෙන තියෙනවා. මට හිතෙන්නෙ ඇත්තම සිද්ධියක් විස්තර කළා කියලා.
ටැක්සිකරුවා ගැන අපේ හිතේ තියෙන රූපයට වඩා ඉහළ රූපයක් අර සිංහල සම්භාව්‍ය සංගීතය එක්ක ඇති වුණත්, ඉන් පසු ඔහුගෙ සැබෑ ස්වරූපය එළියට බහිනවත් එක්ක පහළ බසින ප්‍රතිරූපය....
"හැරුණා නේද?"
"නෑ, පිස්සුද, කවුද ඒ පොර?" :D
බලනකොට taxi කාරයා එසේ මෙසේ පොරක් නෙමේ වගේ.
ReplyDeleteලස්සන කතාවක්. තුති!!
This comment has been removed by the author.
ReplyDeleteටැක්සිකාරයෙකු සිට දඩයක්කාරයෙකු වෙනකල් රූපාන්තරය වීම අසල සේවාදායකයා නිසල වීම මම නම් දකින්නේ වික්‍රමසිංහ තුන් ඈඳුතු නවකතා ඇතුලේ ඇතුලේ හැමදෙම වෙනස් වෙත්දී තිස්ස විතරක් නොසෙල්වී ඉන්නවා වගේ. මිනිසුන් හමුවෙත්දී උන් වටා තියෙන රැස්වළල්ල.., අපි ඒ මිනිස්සුන්ව කාලයක් ආශ්‍රය කරගෙන යත්දී නැතිවෙලා යනවා.., අපි සම්බන්ධයෙනුත් අනිත් අයට එහෙම වෙන්න ඇති. ඔහුගේ ලෝකයට අනුව ඔහු නිවැරදි ඇති.., ඔහු කරනදේ ඔහුගේ මනසට අනුව posh ඇති. අපට එය වෙනස් කරන්න නොහැකියි.., ජීවිතය කියන්නේ නිතර අප්ඩේට් වෙන විකියක් කියන එකට මේක හොඳම උදාහරණයක්..!
ReplyDeleteස්තූතියි..!
දිව දෙකේ තලගොයින් අපිව ඔටුවන් බවට පත් කරන ආකාරය ඔබ හරි අපුරුවට ලියලා තියනවා..වෙලාවකට අපි ඇත්තටම ඔටුවොද කියලා හිතෙන තරම් උන් ප්‍රබලයි. කරේ යන්නෙ නැතිව ඕන කෙහෙල් මලක් කර ගනින් කියලා තමයි මම හිතන්නෙ.
ReplyDeleteඅනික අපිත් (මම )Perfect නැහැනෙ....බලෙන් (ද?)ඇතුල් කරල තියන ඔටුවා ඉඳලා හිටලා එලියට පනිනවනෙ
නියමයිනේ.ගේ තව ටිකක් දුර වුනා නම් ''මහත්තයා මිනිහෙක් හෙම මරල නැත්ද .මන් නම් දෙතුන් දෙනෙක්ටම වැඩේ දීල තියනවා '' අහන්නත් බැරි නැහැ .
ReplyDeleteA different, short & sweet story. Keep it up Sujeewa.
ReplyDelete"පාලු කඩේ" කියෝල මෙහෙ ආවේ, ෂ...මේකත් හොඳම ලිපියක්, දැන් ඉතින් 2010 ලිව්ව පෝස්ට් හතරත් කියවන්න ඕනෙ.
ReplyDelete@ඔක්කොටම;
ReplyDeleteඅනේ මට සමා වෙන්න. මං මේ බ්ලොග් එකේ කොමෙන්ට් ඇලට් එක දාලා කියලා හිතුවට අදයි ඒක දැම්මේ. ඉතින් මේ ඔක්කොම දිරිගන්වන ප්‍රතිචාර දැක්කේ අද. [ඔටුවා තමයි නේද?]
ආවාට ස්තුතියි ඔබ සැමට. දිරිගැන්වීමටත් ඒ වගේම ස්තුතියි.
@නලිනි;
පුසා පාර පැන්නම "බළලා මල්ලෙන් එලියට පැන්න".
ඔව් මේක කෙටි කතාවක් ම නොවේ. 1/2 විතර සත්‍ය සිද්ධියක්.
@ගිම්හානි;
සත්‍ය ලොවේ මට හමු වූ එකා නම් පොර ටෝක් කාරයෙකි. පොඩි දෙයක් කර ගමකට කියවන්නෙකි.
@ලිෂාන්;
ඔබ හරි. ඒ කාරෙකේ පැවතී යුනිවර්ස් එකේ "පව් නේද හාවා" යන කතාව විහිළුවක් හෝ පාපතර කතාවක් වනවා සේම එවැන්නක් වෙනස් කල හැකි තරම් බලයක් ඇත්තටම මට නොතිබුණි. සේවය ලබන්නා වීමෙන් අවැසි නම දෙකක් කියා කට වැහිය හැකි මුත්, සුහද සංවාදයක ඉන්න නම මට ඔහුගේ විශ්වයට යන්නට සිදු වේ.
@ලකී;
ඇත්තෙන්ම අපිත් ඔවුන්ට පෙන්නේ ඔහොම වෙන්නැති. පොඩ්ඩක් හිතන්න නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, සීමිත් චාන්ස් එකක් පාවිච්චි කරලා අද ලංකාවට මෙලෝ වැඩක් නැති රට සමාගමකට කඹුරනවා. අපේ රටට ගෙන්නන පෙට්‍රල් පුච්ච ගෙන රෑ යාමේ ටක්සියේ යන ගමන් රට හදන හැටිත් කියවනවා [සමහර වෙලාවට අපි ඕක කරනවනේ]. මිනිහටත් කතාවක් ඇති අප ගැන. :)
@බින්දී;
ඇත්තෙන්ම මටත් ඕකම හිතුනා. හැබැයි පැහැදිලිවම පෙනෙන ලෙසට පොර පට්ට ටෝක් කරුවෙක්. හැබැයි පුංචි හරි සහභාගිත්වයක් තියෙන්න ඇති මේ වැඩ වලට.
@ප්‍රොමෝ;
ආවාට ස්තුතියි මචෝ. දිගටම කියවන්න. පනින කැබ් සේවේ නේ උඹලත් යනවා ඇත්තේ. සමහරවිට උඹටත් හමු වෙයි.
@ඔබ්සර්වර්;
බෙහෙවින් ම ස්තුතියි. නැවත එන්න මේ පැත්තේ. මොන වර්ගයේ හරි බ්ලොග් පෝස්ට් එකක් සති දෙකකට වරක් වත් ලියනවා කියලා හිතන් ඉන්නවා.
මමත් අවේ "පාලු කඩේට" ගොඩ වැදුන ගමන්. මේ කතා දෙකේම යටි පෙළ හරිම අපූරුයි. මිනුස්සුන්ගේ සිතුම් පැතුම් සහ සන්කීරන චරිත ලක්ෂ ඉදිරිපත් කරන ගමන්ම ඒ ගැන අවසාන විනිශ්චයකට නොගිහින් කියවන්නාට හිතන්න ඉතුරු කරන එක කොච්චර හොඳද? ඔබට සුබ පතනවා සුජීව.
ReplyDeleteස්තුතියි චන්දි.
ReplyDeleteලස්සන කථාවක්. දිගටම මේ විදියට ලියන්න. ඔබතුමා ටැක්සිය ඔඩර් කලේ අර ඕස්ට්‍රේලියාව නිජබිම කරගත්තු සතෙකුගේ නමක් තියෙන කැබ් සර්විස් එකකින්ද? මොකද ඒකේ ටැක්සි තමයි නිතරම පරක්කු වෙන්නේ.
ReplyDeleteකාලෙකින් ආවේ. හුටා මතක නැහැනේ කොම්පැනිය. මම ඕඩර් කලේ කිසියම් ලාබ කොම්පැනියක. එත් මේ ගමන ආවේ ඒකෙම ගැන වැඩි සිස්ටර් කොම්පැනියක එකෙක්.
Deleteහපෝ කැන්ගරු කැබ් ගැනනම් කතා කරලා වැඩක් නෑ. හවසක කෝල් කරොත් අහන්නෙ කෝපරේට් හයර් එකක්ද කියලා. උන් ඇග්‍රිමන්ට් ගහපු කොම්පැණි වලට විතරයි හවසට වෙලාවට කැබ් එකක් ගන්න ඇහැකි..
ReplyDeleteඔක්කොම එකයි. ඒ කාලේ මම උන්නේ අග්රිමන්ට් ගහපු කොම්පැනියක. අපි කැබ් කොම්පැනියක බර හරියක් දිවෙව්වා බිල් ගේට්ස් ගේ සල්ලි වලින්
Deleteනියමම කතාව.... ඇත්තම අත්දැකීමක් වෙන්න ඕන මම හිතන්නේ..මොකද සමාන අත්දැකීම් මටත් තියෙනවා මේ ටැක්සිකාරයෝ එක්ක
ReplyDeleteමේකේ බොහෝ සිද්ධි සත්‍යයි. මම කලේ ලිවීම පමණයි
Deleteලස්සන කතාවක්... කියවන නිමෙෂයදී එ තුළ ඉන්න පුලුවන් තරම් ලස්සනයි.... සුභපැතුම් !
ReplyDeleteවසර තුනකට ආසන්නයි, එත් මට මේක ටෙලියක් වගේ මතකයි
Delete