වැල්ලගොඩේ හන්දිය ළඟ මූද කාපු තැන, වැලමිටි වංගුවක් ගන්නා පාරෙන් ගොඩ පැත්තේ තට්ටු දෙකේ කඩයකි. විටෙක යමෙකු කිසියම් වෙළඳාමක් පටන් ගත්තත් ටික දිනකින්ම නැවත වසා දැමෙන මේ කඩයට ගම් වැස්සෝ "පාලු කඩේ" කියා කියති.
කොළඹ උපන් මා වැල්ලගොඩට අමුත්තෙකු නොවන්නේ පියසෝම බාප්පා පොඩි අම්මා කැන්දාගෙන වැල්ලගොඩේ පදිංචියට ගිය බැවිනි. පුංචි කාලේ පටන් නිවාඩුවට පොඩි අම්මලාගේ දිහාවේ යන්නටත් නංගිත් මල්ලිලා දෙදෙනාත් සමග ලුණු රස මුහුදු හුලඟේ දුව පනින්නටත් පුරුදුව උන්නෙමි. කොහොමත් අපිට කියා ගොස් නවතින්නට පිට පලාතක වෙනත් අමුත්තන් නොවීය. ඒ නිසා හුඟක් නිවාඩු කාලවල දෙතුන් වරක් බොරුවට බැහැ කියා මා එහි ගෙන ගොස් දැමීම අම්මාගේ සිරිතයි.
පාලු කඩේ ඒ සන්දියේ තිබ්බේ බුලත් කඩයකි. බ්‍රම්පි සීයා කියා කෙනෙකු වට්ටියේ බුලත් පිරිමදිමින්, පුවක් සූරමින් හිඳිනු මට යන්තමින් මතක තිබේ. නිසි පිරියම් නොයෙදීම නිසා දුම් අඟුරු පාට ගැහුණු උස බිත්ති විසින් ඔසවන ලද මකුළුදැල් ගහන සොල්දරේ දුන්කොල මිටිය එල්ලා තිබුණි.
දැල් අදින කාලෙට වැල්ලට මාළු ගන්නට ගොස් එන අතර විටක් හපන්නට බුලත් කඩේට ගොඩ වදින බාප්පා එක්ක යන ගමන මගේ ලොකුම විනෝද ගමනකි. කොළඹ හතර මායිමක නැති බුලත් කඩේ මට කොහොමත් අරුමයකි.
"හා හා කොළඹ දරුවා ඔව්ව පොඩි උන්ට අකැපයි" උඩ පැන පැන දුන්කොල කැබලි කඩා කන මට බ්‍රම්පි සීයා කෑ ගසයි.
ඒ කාලයේ ම මාළු බයිසිකල් කරුවන් පොඩි අම්මලාගේ ගෙදරට අලුත් මාළු ගෙනත් දෙන්න පටන් ගැනීමත් සමග වෙරළ ගමන ක්‍රමයෙන් නතර විය. පාලු කඩේ ඉදිරි දොර දිගටම වසා ඇති බව මට පෙනී යන්නට කල් ගත වූයේ එබැවිනි.
"අර මොකද පොඩි අම්ම බ්‍රම්පි සීයාගේ කඩේ වහලා"
"අනේ පුතේ බ්‍රම්පි සීය හදිස්සියේ අන්තරා උනා. තුන් මාසේ දානෙත් ඉවරයි දැන්"
ප්‍රියයෙකු ගෙන් වෙන්වී නොහුන් මා වික්ෂිප්ත වූයේ කිනම් හැඟීමක් පිට කල යුතුද කියා යි. බ්‍රම්පි සීය මලා කියූ විට දුකක් ආවත් එය එලියට දැමීම නොහොබිනා බවක් සිත කීය. "එයා අපේ නෑයෙක් නොවෙයිනේ."
හඬන්නට සිදු වූ ප්‍රියයෙකු ගෙන් වෙන්වීම ඉන් නොබෝ කලකින් ම සිදු විය. හරි හමන් ව්‍යායාමයකින් තොරව ආණ්ඩුවේ පුටුවක් රත් කරමින් හුන් පියසෝම බාප්පා අප හැර ගියේ පෙර දැනුම් දීමකින් තොරවයි. මගේ ගෙදර තරමටම මේ ගෙදර දුව පැන හුන් මා ඔවුන් සමග එකට වැටී හැඬුවා මට මතකය. මල ගෙදර නිමවී හත් දවසේ දානේටත් හිඳ අම්මා සමග ආපසු එනවිට නම් ගෙදර තත්වය තරමක් යහපත් වී තිබුණි. මගේ ආශ්‍රය නිසා පොඩි උන් තුන්දෙනාගේ සාංකාව මැකුණු බව පොඩි අම්මා කීවාය.
පාලු කඩේ නැවතත් විවෘතව තිබුණි. කෙසෙල් කැන් කිහිපයක් එල්ලා, ටොපි සීනි බෝල බෝතල් වල දමා, හැලප සීනි බනිස් විස්කිරිඥ්ඥ වීදුරු අල්මාරියේ දමා තේ කඩයක් එහි ලැගුම් ගෙන ඇත.
පොඩි අම්මා ජීවිත සටනට පිලිපන්නාය. බාප්පාගේ පැත්තෙන් නෑ වෙන අවිවාහක කමලාවතී ඉස්කෝලේ නැන්දා ඒ ගෙදර කන්තෝරු කාමරයේ පදිංචියට ආවාය.
"කොච්චර දෙයක් ද ළඟ කෙනෙක් වත් ඔහොම ඉන්න එක" අම්මා හිත හදා ගත්තාය.
"කේන්දරේ පාලු ගෑනි. ගෙදර මූසල වෙයිද දන්නෑ" තාත්තා පස්සට ඇද්දේය.
"මම කියල මොනවා කරන්නද අක්කේ? අඩු ගානේ කාමර කුලියවත් එනවනේ." පොඩි අම්ම තීන්දුව දුනි.
ආයිමත් ඒ පැත්තේ යන්නට කලක් ගත විය. පොඩි අම්මාට ජීවන සටන කරන්නට ඇති නිසාවෙන් අම්මා මා එහි යන එක ගැන කැමැත්තක් නොදැක්වුවාය. දඟ නොකර ඉන්න බවට හතර අතේ පොරොන්දු වී එහෙ ගිය ගමන් වෙනස හිතට වැදුනි. බාප්පා නැති ගෙදර අමු සොහොනකි. ගෑනු ආණ්ඩුවේ සීමා කිරීම් තුල අනතුරට පෙර වැළැක්වීමේ ක්‍රමවේදය නිසාවෙන් එය තාපසාරාමයක් බවට පත් වී ඇත. මටද කියවන්නට පොතක් ලැබුණි. කමලාවතී ඉස්කෝලේ නැන්දා අපට පාඩම් කියා දුන්නාය. එහෙ මෙහෙ දුවන පොඩි අම්මා වරින් වර බෙල්ල දමා ඇයට හූ මිටි තබා අපේ අයිතීන් වළලන කුමන්ත්‍රණයේ වැඩ බැලුවාය.
පාලු කඩේ නැවතත් වැසි ඇත. අහක දැමු ටොපි බෝතල් තවම කඩේ අයිනේ ඇත.
"ඒ ගෑනිගේ මිනිහ මහා බේබද්දා"
කඩේ ගැන විමසන මට පොඩි අම්මා කියන්නීය.
"ගෑනි උනන්දුවෙන් කලේ. කොහෙද අරූ බීගෙන ඇවිත් බඩු පොලේ ගහනවා"
"ඔය කඩේ පල දෙන්නේ නැහැල්ලු නේද නංගි"
ඉස්කෝලේ නැන්දා කතාව මගෙන් උදුරා ගත්තාය.
"අනේ ද කියන්නේ. මිනිස්සු කිව්වා ඔය ගෑනිට. පලාතක එකෙක් ඕකේ කඩ දාන්නේ නැහැ"
"ඕක දන්නේ නැද්ද ඒ ගෑනි. පන්ඩිතකම මිසක්. හොඳ වැඩේ"
ඉස්කෝලේ නැන්දා කඩේ ඉරණම සාධාරණය කළාය. කතාව අස්සෙන් ලිස්සා ලොකු මල්ලිත් එක්ක ටයර් පදින්නට ලැබුණු අවස්තාව මා පැහැර හැරියේ නැත.
මෙලෙස පොඩි අම්මලාගේ ගෙදර එන වරින් වර පාලු කඩේ නව ව්‍යාපාර ඇරඹීමත්, ටික කාලෙකින් එය වැසී යාමත් සිදු විය. වී මෝලක්, සයිකල් කඩයක්, වෑල්ඩින් වැඩ පොලක් හා පසු කාලෙක ජනසවිය ඉලක්ක කරගත් නැති බැරි එකෙකු දැමු හතු කඩයක් ද එහි විවෘතව ටිකෙන් ටික වැහැරී ගොස් අතුරුදන් විය. පොඩි අම්මාගේ දහදිය මහන්සියෙන්, ඉස්කෝලේ නැන්දාගේ පඬි වදනින්, දිනෙන් දින පන්තියේ පෙරට යන දරු තිදෙනාගේ හැකියාවෙන් ඒ ගෙදර කාලය ගෙවී ගියේය. වරින් වර නිවාඩු කාලවල මගේ රස්තියාදු සිහින ද එහි ඉපිද උපන්ගෙයිම මියෑදුනි.
"මං ලොකු උනාම වැල්ලගොඩේ ලොකුම බිස්නස් එක දානවා" වයසින් වැඩෙන මගේ හිත ලොකු කතාවක් කියයි.
"ඒ කොහෙද?" අයියාගේ විස්කම් ගැන උපන් විශ්වාසයෙන් නංගි අසයි.
"පාලු කඩේ"
"මොනවද දාන්නේ?" මල්ලිලාට ඉස්පාසුවක් නැත.
"තවම මං හිතනවා. අයිඩියාස් කිහිපයක් තියෙනවා" මං ලොකු කමට කියමි.
"කොළඹ පුතා දන්නවද ඔතන භුමි පාලු තැනක් බව" තරවටු හඬින් ඉස්කෝලේ නැන්දා අසයි.
"මං දාන්නේ උඩ තට්ටුවේ, භුමියේ නෙවෙයි" අවලං කතාව මගෙනි.
"තමුන් දන්න ඉටිගෙඩිය" මේච්චල් කරන්ට බැරි ඉස්කෝලේ කොලුවන්ට කියන ලොකුම කුනුහරුපයෙන් නැන්දා මට දමා ගසන්නීය.
"ඔය ඔක්කොම අන්ධ විශ්වාස" මගේ සිත තුල හුන් විරෝධයට වචන මුණ ගැහුනේ පළමු වරටයි.
"අන්ධ විශ්වාස? දන්නැති දේ අහගන්නවලා. ඔය වගේ දේවල් වල බොහොම ගැඹුරු ඇත්තක් තියෙනවා. මිනිස්සු ඔව්ව අදහගෙන ඉන්නේ අනාදිමත් කාලෙක පටන්"
"මේ ගොල්ලෝ පැහිල වැඩියි" වරිග නීතියට පිටු පෑවෙකුට මෙන් වට කර ගහන්නට පොඩි අම්මාද එක් වේ.
"ගෙවල් වල, ඉඩම් වල භුමි දෝෂ තියෙනවා. පල දෙන්නෑ විතරක් නෙවෙයි ජීවිත හානිත් වෙන්න පුළුවන්" නැන්දා දේශනා කරයි.
"පියසෝම අයියගේ කතාව ගැනත් සුන්දරමුල්ලේ සාත්තර පොලෙන් කිව්වේ ඕකනේ අක්කේ" පොඩි අම්මා ගවුම් කරේ කඳුළු පිහිමින් කියයි.
"මේ ගෙදර නිසා අයියට අපළ තිබ්බලු. අනේ මට කලින් කිව්වා නම් ණය වෙලා හරි මං හදවනවා."
"වෙන්න තියෙන දේ වුනාට පස්සේ මොනවා කරන්නද?" නැන්දා කියයි.
අපේ ගෙදර එතරම්ම කේන්දර සාත්තර විශ්වාස නොකරන බැවින් මේ කතාව මගේ හිත තුල දැවැන්ත විවාදයක් ඇති කළේය. පොඩි අම්මා සුන්දරමුල්ලේ යන්නේ මා දන්න කාලේ ඉඳලයි. ඉතින් ඕක බාප්පා මැරෙන්න කලින් ම හොයා ගන්න තිබ්බේ. මං එහෙම කිව්වේ නැත්තේ බයට වඩා ඇය තවත් හඬන්නට ඉඩ ඇති බැවිනි.
කාලය ඉගිලී ගොස් මට දිග කලිසම් ඇන්දවිය. නංගි ලොකු ළමයෙකු වී අප දිහා යටි ඇහින් බලන ශිල්පය ප්‍රගුණ කළාය. මල්ලිලා පන්තිවල පලවෙනියන් වන බව අම්මා කෝන්තර ස්වරයෙන් මට හැඟවීය. ටියුෂන් නිසා මගේ වැල්ලගොඩේ ගමන බෙහෙවින් අඩු විය.
ආයිමත් විවේකයක් ආවේ උසස් පෙළ ලියා ගෙදර උන්නු සන්දියේ ය . කාලෙකින් යන වන්දනාවක් සේ වැල්ලගොඩේ යන්නට තනිවම මම පිටත් වුනෙමි. වසර කිහිපයකින් ඇදී ගොස් සිටි පොඩි අම්මා මා පෙර සෙනෙහසින් ම පිළි ගත්තාය. ඇගේ නොවක් උත්සාහයෙන් ගෙදර ආර්ථිකය තරමක් යහපත් වී ඇති සෙයකි. බිත්ති පින්තාරු කල ගෙදරට විදුලි බලය ලැබී තිබුණි. කළු සුදු රුපවාහිනියක් දත් විලිස්සා ගෙන සාලයේ සිනා සේ. නංගි නිතර තම කාමරයේ හුන් අතර, මල්ලිලා ගේ විභාග වැඩ නිසා මට කතා කරන්නට ඉතුරු වුනේ ඉස්කෝලේ නැන්දා පමණි.
"නැන්දා ඇයි මැරී කලේ නැත්තේ?"
"මගේ කේන්දරේ අඟහරු හතේ"
"ඉතින්..."
"එහෙම අයට බඳින්න බැහැ"
"බැන්දොත්?"
"බඳින්න වෙන්නේ නැහැ ළමයෝ. මොකක් හරි වෙලා වලකිනවා"
"ඉතින් නැන්දා ට්‍රයි කළේවත් නැද්ද?"
"ඒ මොකටද? කොහොමත් බැරි එකේ නිකම් මහන්සි වෙන්නේ"
"මනස්ගාත"
"මනස්ගාත වෙන්නේ කොහෙද? සහතික ඇත්ත"
"කිසි පදනමක් නැහැනේ. හා කියන්න බලන්න මොන හේතුවක් උඩද විශ්වාස කරන්නේ?"
"ඉතින් මේ මං ම ගන්නකො. මගේ අඟහරු හතේ. මං බැන්දේ නැහැනේ"
"නැන්දා බැන්දේ නැත්තේ එහෙම කියල තියෙන හන්දා නේ"
"ඔව්. කොහොම හරි බැන්දේ නැහැනේ"
මේක මට අපබ්‍රන්ශයක් මුත් මෙය නැන්දාට පැහැදිලි කල නොහැක. නැන්දාට තියා මටවත් නොතේරේ. කේන්දරේ කියල තියෙන නිසා බැන්දේ නැති නැන්දා කේන්දර කතාව හරි යයි කියන්නට එයම උදාහරණයට ගන්නීය.
උසස් පෙල යන්තමින් පාස් මට බැංකුවක රස්සාවක් ලැබුණි. ඒ සී එකේ සීතල හුළඟ මිස මුහුදු හුලං වදින්නට මට ඉස්පාසුවක් නොවීය. බැංකුවේ ඉහලට යාමත්, රෝද හතරක් උරුම වීමත්, ඉදිරි අසුනට බෝනික්කෙකු ලැබීමත්, ඇය හා විවාපත් වීමත් මේ අතර සිදු විය.
විවාහයෙන් පසු නෑ ගමනට වැල්ලගොඩට එන විට පාලු කඩේ බියුටි සැලුන් එකක් දමා තිබුණි. කොළඹින් ආ නෝනා කෙනෙකු එහි පන්ති ද කරන බව පොඩි අම්මා කීවාය.
"ඕකත් එච්චර තමයි" විශ්‍රාමිකව හුන් නැන්දා බංකොලොත් ලියවිල්ල සකසන්නට විය.
"මොන බොරුද? ඔය කඩේට කෙල වෙන්නේ බිස්නස් රීසන් එකක් නිසා"
අලුතෙන් උගත් බැංකුකරණය ආයෝජන හා ආර්ථික විද්‍යාව ගුරු කොට ගනිමින් කල්පිත ගොඩ නගන්නට පටන් ගතිමි .
"දැන් බලන්න එක බිස්නස් එකක් වත් අත්‍යාවශ්‍ය ඒවා නොවේ. ඔක්කොම නිකම් වැඩක් නැති ඒවා. හන්දියේ මේන් බිස්නස් සෙට් වෙලා තියෙන්නේ. හැමදාම ඔතන කරන්නේ ඒ හැටි වැඩක් ඇති එකක් නොවේ."
අලුත ගෙනා මනමාලිය නිරෝෂා මගේ විශ්මය ජනක දැනුම ගැන උනන්දුවෙන් හුන්නා මිස වෙන කවුරුත් ඇහුම් කන් දුන්නේ නැත.
"කොහොමත් පල දෙන්නැති තැන" කියමින් නැන්දා ඉවත ගියාය.
ආයිමත් කාලය අප දුරස් කළේය. නංගිලා මල්ලිලා විශ්ව විද්‍යාලවල ගිය අතර ඒ නිසාම පොඩි අම්මා අපේ ගෙදර වැඩිපුර කාලය ගත කළාය. ඔවුන්ගේ ගෙදර ස්ථිර පදිංචි කාරිය වුයේ නැන්දා පමණි. නිරෝෂා මට තවත් බෝනික්කන් ගෙනාවාය. ඔවුහු වැඩෙමින් අපේ දවස කාර්යබහුල කළහ. බොහෝ කලකින් නොගිය වැල්ලගොඩ අපට අමතකව ගොසිනි.
අපේ මතකය අවදි වුයේ සුනාමියෙනි. එහෙත් පැන්ෂන් එකේ ප්‍රශ්නයක් හදා ගන්නට නැන්දා කොළඹ ඇවිත් අපේ ගෙදර නැවතී හුන් බැවින් එදා ඒ ව්‍යසනය අපට පුද්ගලික කඳුළු ගෙනාවේ නැත. පොඩි අම්මලාගේ ගෙදර කන්ද උඩ නිසා හානියක් උනේද නැත.
ආයිමත් කාලයේ මී රාල ජීවිත රෝදේ කරකවමින් දුවන්නට විය.
සුනාමියෙන් වසර කිහිපයකට පසු නැවත වැල්ලගොඩේ යන්නට වුයේ පියසෝම බාප්පා ගේ අභාවයෙන් විසිපස් වසරක දානෙටයි. පොඩි අම්මා විසින් සංවිධානය කර මල්ලිලා හා නංගි විසින් බර පැන දරා නැන්දාගේ ද අනුශාසකත්වය යටතේ එය හොඳින් සිදුවිය.
පසුදින අපි හැමෝම හන්දිය දිහාවට ඇවිදිමින් උන්නෙමු. සුනාමිය වැල්ලගොඩ වනසා ඇත. හන්දියේ කඩ තිබු ගොඩනැගිලි වල සුන්බුන් තවමත් තිබේ. ඒ අතරින් තවමත් හිස ඔසවා පාලු කඩේ වැජඹේ.
හතර වටේ බිත්ති හා වහලය මිස අන් කිසිවක් ඉතිරි නොවන පරිදි එයද විනාස වී ඇත. බිඳී ගිය ගොඩනැගිල්ල නැවත සකසා එහි සාර්ථක තොග කඩයක් දමා ඇත. කවදාවත් නැති තේජසකින් එය දිලේ. අනික් ව්‍යාපාර මෙන් අරඹා මාස කිහිපයකින් මෙය වැසී නැත. වසර ගණනක් වර්ධනය වී අද වැල්ලගොඩේ ජය ම කඩය පාලු කඩේ ඇති තොග කඩයයි.
"අන්න දැක්කද මං කිව්ව කතාව. තොග කඩයක් කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. අනික ඕන බඩුවක් එකේ තියෙනවා. අනිත් කඩ වලට වඩා ගානත් අඩුයි. ඒකයි මං කිව්වේ. කලින් අය බිස්නස් තෝරපු විදිහේ වරද"
සාපේක්ෂතාවාදය ඔප්පු කල අයින්ස්ටයින් මෙන් මම සීහනාද කලෙමි.
"අනේ මන්ද කොළඹ මහත්තයා" වියපත් සිහින් හඬින් නැන්දා කෙඳීරුවාය.
"සුනාමිය වැදිලා කඩේ බිත්ති දෙක විතරයි ඉතිරි උනේ." ඇය යමක් ගොඩ නගයි.
"ඉතින්" අද නම් මා සටන අතහරින්නේ නැත.
"දැන් ඔය අලුතින් හදපු කඩයක්නේ තියෙන්නේ. ඉතින් කලින් එකේ තිබ්බ දෝස දැන් නැතුව ඇති" නැන්දා තවමත් අපරාජිතයි.
"සුනාමි බිල්ලත් අර ගත්තනේ කඩෙන්" පොඩි අම්මා අනුපානය දමයි.
දහස් ගණන් මිනිසුන් ගිලගෙන දේපොළ කුඩුපට්ටම් කර රටක් වැනසූ සුනාමියද අපේ හිත් වල අහුමුලු සුද්ද නොකර පැරණි අඳුරේම අප තබා ගොස් ඇත. වසර දහස් ගණනක ඇදහිලි ප්‍රවාහයක් ඉදිරියේ හිට ගන්නා කුහුඹුවෙකු වැනි හැගීමකින් මා සලිත විය. සුනාමියක් මෙන් නැගෙන ඒ රැල්ලේ නැන්දා පිහිනමින් සිටිනු මට පෙනේ. සටනේ පරාජය බාර ගන්නට පළමු වරට මට සිතුනි. මගේ මතය මටම තබා නැන්දාගේ මතය නැන්දාට තියා ගන්නට ඉඩ හැර ගනුදෙනුව පියවන්නට තීරණය කලෙමි.
+++++ +++++
වැල්ලගොඩේ හන්දිය ළඟ මූද කාපු තැන තට්ටු දෙකේ කඩයකි. මේ කඩයට ගම් වැස්සෝ තව දුරටත් "පාලු කඩේ" කියා කියන්නේ නැත. මම ද පාලු කඩේ අමතක කර දැම්මෙමි.

හික්කඩුව,කොග්ගල පැත්තෙ වෙරළ තීරෙ මේ විස්තර කරනව වගෙ තැන් ඕනෙ තරං දකින්න ඇති, මේ විශ්වාසත් ඉතින් ඒ වගෙම තමයි, අපි ඒව කර පින්නගෙන යනව තාම, ඒව ලොකුවට ගණන් නොගත්තට හිත කලබලෙන් දෙගිඩියාවෙන් ඉන්න සමහර වෙලාවට මේ වගෙ විශ්වාස එක සැරේට ගමේ කවුරුහරි කෙනෙක්ගෙන් කණට වැටුණම මගෙ හිත වුණත් ගැස්සෙනව..
ReplyDeleteෂා මේක නම් අපුරුනේ . ජයවේවා !! වැඩි වැල්වටාරම් නැතුව පොල්ලෙන් ගැහුවා වැනි ඔබේ රටාවටත් මා කැමතියි . වෙහෙසක් නැතුව කියවන්න පුළුවන් . කාලය බොහෝ දේ වෙනස් කලත් සමහර මිනිසුන්ගේ මුල්බැසගත් විශ්වාසයන් වෙනස් නොවෙන හැටිත් නව යොවුන් වියේදී අප ඒවාට එරෙහිව ගැසූ කැරලිද කාලයත් සමග අපේ ජිවිත වල අනෙක ගැටලුත් සමග දියව යන හැටිත් ''ඔන්න ඔහේ ඕන කෙහෙල්මලක් වයසක මිනිස්සුනේ '' කියල අපි එව්වා ඉවසන හැටිත් ඔබ අපුරුවට පෙන්වල තියෙනවා . සමහර විට අපිත් ඒ විශ්වාසයන්ගේ ම ගිලිලා යන්නත් පුළුවන් . කොවුර් මහත්තයාගේ පිහිටෙන් මම නම් තවම දෙවෙනි ගොඩට වැටුනේ නැහැ . අපි විතරක් නෙමේ අප්පා බටහිර ලෝකෙත් විවිධාකාරයෙන් ඔය දේවල් තියෙනවා , ඒ ඒ සංස්කෘතීන්ට සිමා වුන . . මාර්ටින් වික්‍රමසිංහ ගේ කෙටිකතාවක් කියෙව්වා හැඟීමක් ආවා . ඔයා කොපි කරලා නෙමේ . එයත් ලිව්වේ වැල්ල කරේ ජිවිත ගැනනේ එකයි. දිගටම ලියන්න. අපි කියවනවා අනිවාර්යයෙන්ම
ReplyDeleteIt will be good if u can remove word verification
ලස්සන කතාවක්. වැල්ල පැත්ත ගැන කියවෙන කතාවල අමුතු රසයක් දැනෙනෙවා. අනෙක මී රාල ජීවිත රෝදේ කරකවමින් කාලය ඉස්සරහට ගෙනිච්ච හැටියි, කාරෙකේ ඉස්සරහා සීට් එකේ හිටපු බෝනික්කි තවත් බෝනික්කන් ගෙනාපු හැටියි, කියලා තියන විදියත් හරිම අපූරුයි. බොහොම දක්ෂ විදියට භාෂාව හසුරුවලා තියන හන්දා, කතාව ඉතා පහසුවෙන් කියවගන යන්ටත් පුලුවනි.උදාහරන ඉදිරිපත් කරන්ට ගියොත්, ආපහු මුලු කතාව මෙතන ලියන්ට වෙන හන්දා උදාහරන ඉදිරිපත් කරන්නේ නෑ...:D
ReplyDeleteමේ පැත්තට ආපු පලවෙනි වතාවත්, මුල්ම කමෙන්ට් එකත් මේකයි. රයිටස් බ්ලොක්, කමෙන්ටර්ස් බ්ලොක්,වගේ එක, එක, ලෙඩ හදාගන්නේ නැතුව මෙන්න මේ විදියට දිගටම ලියන්ට...:D
මේ බ්ලොග් මොනතරන්නං හැංගිච්ච ලෙඛකයො එළියට දානවද බැලුවම!
ReplyDeleteසුනාමියෙන් ගහගෙන ගිය පොඩිඅක්කලගෙ තට්ටු දෙකේ පරණ සොල්දර කඩෙයි, කඩේ එක්කම ගහගෙන ගිය ඒ හතරදෙනයි මතක් උනා!
කතාවක් නිසා ලියලදත් මන්ද, ඒත් ගාළු පාරෙ වැලමිට වංගුවක් මතකෙට එන්නෙම නෑනෙ මචං?
නියමයි
ReplyDeleteඇත්තේම්ම ලස්සනයි .....
ReplyDelete෴ හිරු එළියේන් සුබ පැතුම් ෴
ඔබ ලොකු විරාමෙකට පසුව නැවත ඇවිත්. දිගටම ලියන්න..
ReplyDeleteනියමෙට එක දිගට කියවගෙන යන්න පුලුවන් කතාවක් ලියලා. කාලෙ ගලාගෙන යාම නියමෙට ගානට විස්තර වෙනවා එකතු වෙලා තියෙන සිද්ධි නිසා
ReplyDeleteඅදමයි මේ පැත්තෙ ආවෙ . .. . . කතාව නියමයි ඈ . . . .
ReplyDeleteසුජීව කතාවනං හොදයි.ඒත් හැම තැනම අනුන්ගේ බ්ලොග් වලට ගිහින් ඇඩ් ද දා යන එකනං හොඳ නැහැ.ඕක මහ බාල ප්‍රචාරණ ක්‍රමයක්.නිකං ඇනයක් වෙන්න එපා.
ReplyDeleteAugust 24, 2011 3:09 AM කොමෙන්ට් එක දාපු ඇනෝ එහෙම කිව්වට, මං මේ පෝස්ට් එක දැක්කෙ මාරයගෙ පෝස්ට් එකේ දාල තිබ්බ ලින්ක් එක නිසා. තරහ වෙන්න කාරි නැහැ ඇනෝ,මොන ක්‍රමෙන් හරි මේ ලියවිල්ල කියවන්න ලැබීම මගෙ භාග්‍යක් විධියට මං සලකනව.මම සිංහල බ්ලොග් අවකාශයෙ කියවන්න ලැබුන හොඳම පෝස්ට් එකක් හැටියට මේක ගණන් ගන්නෙ.
ReplyDeleteහරිම අශාවෙන්,එක දිගටම කියව ගෙන ගියා. ඒ ගමන්ම තව වතාවක් කියෙව්ව. හරිම අගෙය් සුජීව. ස්තුතිය් මේ වගෙ ලියවිල්ලක් ඉදිරිපත් කලාට. මේ වගෙ දිගටම ලියන්න කාලය සහ ධයිර්යය ලැබේවා...!!!
මම දැනට කියවලා තියෙන්නේ සුජීව කොකාවලගේ කෙටිකතා දෙකයි... එකක් තුන් හතර පාරක් කියවපු 'වැරදි ටැක්සිය' අනික දැන් එකපාරක් කියවපු, තව කිහිප පාරක්ම කියවන 'පාලු කඩේ'...
ReplyDeleteවැරදි ටැක්සිය මට මතකයෙන් ආපහු කියවන්න පුලුවන් තරමට හිතේ ඇඳිලා තියෙනවා... මේකත් එහෙම වෙයි... :)
මගේ උණුසුම් සුභ පැතුම් සුජීව. ටැක්සිකාරයගෙන් පස්සෙ කතාවක් එළියට දාන්න ගත්තු කල්!
ReplyDeleteමේ කථාව පුරාවට භාවිතා වෙන විවිධ යෙදුම්, භාෂා අලංකරණයන් ඉතාම සිත් ගන්නා සුළුයි. ටිකක් හිතන්නට ඉඩ දී යොදාගන්නා එවැනි යෙදුම් නිසා කෙටි කථාවෙ රසය වැඩිවනවාක් මෙන්ම, සිංහල භාෂාවෙ සුන්දරත්වයත් තව ඉස්මතු වෙන බව මම හිතනවා. කථාව සඳහා ලිඛිත සිංහලය යොදාගැන්ම නිසා එහි වටිනාකම තවත් වැඩි වෙලා. ලියන හැම වචනයකින්ම බස පෝෂණය වීමටනම්, ලිවිය යුත්තෙ මෙහෙම තමයි.
ඉක්මණින්ම ඊලඟ කෙටිකතාවත් එළි දකීවියයි හිතනවා.
ජයම වේවා.
අදයි අහු උනේ..පරණ කතා වගේකුත් තියෙනවා වගේ පේනවා..නිදහසේ බලලා මොනවා හරි දොඩන්නං...
ReplyDeleteබෝනික්කා කතාව නම් එචචරම ඇල්ලුවේ නැහැ. කතාව හොඳයි. දිගටම කරගෙන යන්න.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමේ මන් ඔයත් එක්ක වලියට ආවේ නැහැ .මන් වලි වලට කැමතිත් නැහැ . ඇයි නම කියන්න බය . මමත් අනික් බ්ලොග් වල සමහර විට ලින්ක් දාන නිසා තමයි එහෙම කිව්වේ . ගහ මරා ගන්න නෙමේ . හරි ඔන්න ඉහත කමෙන්ටුව මන් ඉල්ලා අස් කර ගන්නම්කො .
ReplyDelete@චේජනා;
ReplyDeleteඔබ කියපු හරියේ [තව ටිකක් මෙහාට වෙනකම්] තමයි මගේ හිතත් තිබ්බේ.
ඇත්ත මං හැදුනේ එහෙ නේ. මං නම් පොඩි කාලේ ඉඳලා ඔය විශ්වාසත් එක්ක හැප්පිච්ච එකමයි කලේ. ඒවා බොරුයි කියන්නේ නැහැ. ඒත් මට කොන්ට්‍රෝල් නැති එකකට අහුවෙලා වහලෙක් වගේ ඉන්නවට වඩා එව්වා ගණන් නොගෙන පාඩුවේ ඉන්න ඒක හොඳයි.
ඇත්තම වුනත්; ඔය ක්ෂේත්‍ර ගැන පුළුල් දැනුම ඇති අය කියන්නේ ඔය සාත්තර කේන්දර කියන්නේ පොසිබිලිටියක් කියලා. අර පැරලල් යුනිවර්ස් වගේ. නමුත් දැනුම අඩු එකා හිතන ඉන්නේ ඌ දකින ඒක තමයි ඔක්කොම කියලා.
@බින්දී;
මාර්ටින් වික්‍රමසිංහ නම් ගව් ගානක් දුරින් ඉන්න මහා ශ්‍රේෂ්ටයෙක්. මගේ ප්‍රියතම ගොඩේ ඉන්න කෙනෙක්. ඔහු එදා ලියු මාතෘකා අපට අදත් ලියන්න වෙන්නේ අපේ වරද ද? නොවෙනස් ව එතනම ඉන්න මිනිසුන්ගේ වරද ද? නැතිනම් ලෝකේ හැටි ද?
කොවුර් ගේ ක්‍රමවේදයන් ගැනත් විවේචන තියෙනවා. එහෙත් ඔහු ගොඩ නැගු සංවාදය වැදගත්.
@පොඩ්ඩි;
ස්තුතියි දිරිගැන්වීමට. ලියන්න හිතන් ඉන්නේ කාලය ඉඩ දෙයි කියා හිතනවා. කාලයේ මී රාල දුවනවා වේගේ වැඩියි.
වැල්ල පැත්ත කිව්ව ගමන මට මතක් වෙන්නේ හුලන් එක්ක එන ලුණු රහ. මුහුදට නිරාවරණය වූ තැන් වල විතරයි මේක තියෙන්නේ.
@ඉන්දික;
වැල්ලගොඩ හා සුන්දරමුල්ලත් නැහැ නේද ඒ වගේම? නිරිතදිග වෙරළේ ඕන තැනකට ගන්න තමයි ලියන්න ඕනේ වුනේ.
හැබැයි කොරියන් කාරයා ගාලු පාර හදන්න කලින් කුමාර කන්දේ තිබ්බ අංශක අනුවේ වංගුවක්. වැලමිටි ම නෙවෙයි ඉතින්.
මේ කියන [අතත්‍ය] තැන මගේ හිතේ ඇඳිලා තියෙනවා. එකයි කිසි හේතුවක් නැති වැලමිටි වංගුවක් කතාවට ඇතුළු වුනේ. ඒ පින්තුරේ උඩයි මේ කතාව ලිව්වේ. හීනයක් ද ඒ පින්තුරේ කියලා මට මතක් වෙන්නේ නැහැ. ඔන්න ඔහේ හිතේ තිබිලා අහු වෙච්ච රැන්ඩම් පින්තුරයක්.
@ම;
ස්තුතියි
@හිරු එලිය;
ස්තුතියි.
@ගිම්හානි;
ඔය විරාමේ ආයිත් ඔලුව උඩ කඩා වැටෙයි කියා බයයි.
@ටීජී;
ඔව් මගේ මූලිකම අරමුණ උනේ කතා නායකයාගේ ජිවිතේ විකාශය හා බුද්ධි මේරුම යටින් පෙන්නන්න. ඒ උඩ තමයි පාලු කඩේ වැජඹෙන්නේ.
@ඕනේ;
ඉස්කෝතුයි ආවාට. ආයිත් වරෙන්.
@ඇනෝ;
මගේ කෙටිකතා බ්ලොග් එක එනවා එනවා කියලා මං බොහෝ දෙනෙකුට කිව්වා. ඉතින් කල් ගිය වැඩේ "පටාන් ගත්ත" බවයි දැනුම දුන්නේ. එකඟයි මුළු ඔක්කොම කට්ටිය මුළු ඔක්කොම බ්ලොග් වල ලින්ක් දැම්මොත් ඇනයක් බව. එහෙත් අපි ඇතැම් විශේෂ අවස්තාවක ඇතැම් විශේෂ දෙයක් ගැන කලින් සිදු වූ සංවාදයක් නිසා එහෙම දැම්මට අවුලක් නැහැ නේද. උපදෙසට හා ඇගයීමට ස්තුතියි.
@ඔබ්සර්වර්;
ඔබේ දිරි ගැන්වීමට බෙහෙවින්ම ස්තුතියි. ඔබ දැක්වූ පිළිගැනීම මහත් ගෞරවයක්. ආයිත් එන්න මේ පැත්තේ.
@බීටල් ;
බෙහෙවින් ම ස්තුතියි.
@නලිනි;
සම්ප්‍රදායික ගනයේ කෙටිකතාම ලියන්න ඕනේ කියන මතයේ ඉඳගෙන ලියන එක අමාරුයි. ඒත් මට හිතෙන්නේ එතනම ඉන්න. 20/20 අලුත් වැඩ වලට අකමැත්තම නොවේ. කෙටිකතා ම ලියන්න තියෙන ආසාව.ඔයාගේ විස්තරය දැක්කම හිතෙනවා ලියන කොට හිතේ තිබ්බ දේවල් පෝස්ටයට ඇත්තටම ඇවිත් කියලා. ආධුනිකයෙකුට ඒකත් වටිනවා.
@මාරේ;
පරන එව්වා නම් මේ බ්ලොග් එක හදන්න කියල ඉස්සර ලිව්ව තැනකින් කොපි කරපු එව්වා. කලින් පෝස්ට් එකත් 50% ඇත්ත සිද්ධියක්. මෙතන තමයි පටන් ගැන්ම හරියට ගත්තොත්.
ආවාට ස්තුතියි. උත්තරයක් බලන් ඉන්නවා.
@තලගොයා;
විසි ගණන් වල මුලදී සෙල්ලක්කාර කමට කොල්ලන්ට [ඔන්න මට නෙවේ - මං හැදිච්ච එකා නේ] කෙල්ලන් පේන්නේ ඔහොම තමා. හැබැයි බැන්දම නම් ඒක වෙනස් වෙනවා. වඩාත් ගැඹුරු හා ගරු කටයුතු ගෞරවයක් ඇතිවෙනවා. සෙල්ලක්කාර කෙල්ලත් ඉතින් වෙනස් වෙනවනේ. එතකොට බෝනික්කන් වගේ පේන්නේ පුංචි එවුන්.
ඒත් මං තාමත් ආසයි බෝනික්කෙක් වගේ එයා දිහා බලන්නත් හොරෙන්වත්.
මේ කතාවේ කතා නායකයාගේ මනෝ භාවයන් විකාශය වෙන හැටි තමා මුලිකවම දෙන්න ඕන උනේ. ප්‍රතිපත්තියක් හැටියට ඔබ හරි වෙන්න පුළුවන්.
ආයිත් ලිව්වම දැන ගන්න ලැබෙයි. එන්න මේ පැත්තේ දෙන්නම.
@ඇනෝ;
ReplyDeleteවනචාරි උත්තර පවතින්නේ මට පෙනෙන තුරු පමණි.
@බින්දී;
සමා වෙන්න පොඩ්ඩක් පරක්කු උනාට. වනචාරි උත්තර පවතින්නේ මට පෙනෙන තුරු පමණි. කොමෙන්ට් මැකීමේ සියලු අයිතිය මා සතුයි. වනචාරි බව නිර්ණය කිරීමත් එහෙමමයි.
@ඇනෝලා දෙන්නෙක් ඉන්නවා නේද ඒ දෙන්නාටම...
ReplyDeleteපලවෙනි ඇනෝනං පේන්න ඉන්නවා...දෙවෙනි එක්කෙනානං පේන්න නැහැ..ඒත් මට දැන් ටිකකට කලින් ඒ පනිවිඩයත් මේල් ඉන්බොක්ස් එකට ඇවිත් තිබුන හින්දා මං ඒකත් දැක්කා.
ඇත්තටම පළවෙනි ඇනෝ කියනවා වගේ ලින්ක් දාන එකට මම උනත් ඒ හැටි මනාපයක් නැහැ.මොකද සමහර විට ඒ ලින්ක් එක වැටෙන පෝස්ට් එකේ හොද සංවාදයක් ගොඩනැගිලා තියෙන වෙලාවක අර වගේ අනවශ්‍ය ලින්ක් එකක් හරහා ඒ පෝස්ට් එකට හානියක් වෙන්න පුළුවන් හින්දා.ඒත් කෙනෙක් එහෙම කරන එකට අකමැතිනං කරුණාකර ඕබේ ඇත්ත නමින්ම ඇවිත් ඒක කියන්න බය වෙන්න ඕන නැහැ.මොකද ඔබ නියෝජනය කරන්නේ ඔබේ අදහස.ඒක ප්‍රකාශ කරන්න බය වෙන්න ඕන නැහැ.අනිත් දේ තමයි තමන් කියන දේට වැඩි වටිනාකමක් එන්නේ මොනවා නමුත් අනන්‍යතාවයක් එක්ක ආවොත් තමයි.එහෙම නැතිනම් ඒ අදහස ගැන බලන අය ඒ හැටි අවධානයක් යොමු කරන්නේ නැහැ.
බින්දි කියලා තිබුනදේත් යන්තමට වගේ මතක හින්දා ඒ ගැනත් අදහසක් පල කරන්න කැමතියි. කතන්දර හෝ මම හෝ..බින්දි හෝ..සුජීව හෝ..මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ වෙන අයකු හෝ කිව්වා කියලා ඒ දේ බ්ලොග්වල නීතියක් හෝ අයිතිවාසිකමක් කියලා දකින්න යන එකනං ඒ හැටිම සුදුසු දෙයක් නෙවෙයි.කතන්දරට අයිතියක් තියෙනවා පැහැදිලි ලෙසම තමන්ගේ බ්ලොග් එකේ තමන්ට ඕන තරම් ලින්ක් දා ගන්න.ඒකට කාටවත් විරෝධයක් දක්වන්න බැහැ.ඒත් අනුන්ගේ බ්ලොග් එකකදී එහෙම කරද්දී ඒ ගැන දෙපාරක් හිතන්න ඕන. ලින්ක් හරහා මේ ජාලය ගොඩ නැගිලා තියෙන වග හැබෑව උනත්. ඒ දේ හැම තැනටම සර්ව සාධාරණයි කියලා මටනං කියන්න බැහැ. දැන් මං මෙතනට ඇවිත් මේ යන සංවාදයක් මැද්දට මගේ බ්ලොග් එකේ ලින්ක් දදා ඉන්න ගියොත් මං පිස්සෙක් වගේ කියලා කාට හරි පේනවා ඇර වෙන වෙන දෙයක්නං වෙනවද කියලා මං නං දන්නේ නැහැ...
මේ මගේ පෞද්ගලික අදහසක් බව සැලකුව මනාය...මට මගේ අදහස දරන්න අයිතියක් වගේම අනිත් අයටත් එහෙමම අයිතියක් ඇති බව දන්නා අතරම එයට ගරු කරමි..හුදෙක් මෙය මගේ අදහස පල කිරීමක් පමණකි
දෙවෙනි ඇනෝ කියන්නේ පලවෙනි කෙනාමද..නැත්තං වෙන කෙනෙක්ද මංදා. මොකද පලවෙනි කෙනා ටිකක් සංවරව තමන්ගේ අදහස කියලා තිබුන හින්දා.දෙවෙනියා ඊට වඩා ටිකක් එහා ගිහින් වගේ.
@මාරයා;
ReplyDeleteඔබ කියන කාරනාවට මාත් එකඟයි. සංවාදය කඩෙන එක වැරදි බව ඇත්ත. මේ ලින්ක් ටික නම් දැම්මේ ඔය බ්ලොග් වලදී කෙටිකතා ලියන එක ගැන කතා වුන නිසයි.
ඇනෝ ගේ වනචාරි ප්‍රහාරය නම් එවෙලෙම මකල දැම්ම. කියන දෙයක් මනුස්සයෙක් වගේ කියන්න බැරි ඇයි?
This comment has been removed by the author.
ReplyDeleteකාලය හරස් වූ නිසාවෙන් කතාව කොටස් තුනකට කියෙව්වේ. කොළඹ සිට ගාලු පාර දිගේ ලෝබයක් නැතිව දිව ගියෙමි. බලපිටිය, හික්කඩුව නෑ නෑ දොඩන්දුව හැටියට මතකය අවුස්සන වැලමිට හන්දි පසුකරන්න විය. මුහුදු වෙරළ, රළ පේළි, මා දැල් මොනතරම් ඇස් කෙවෙනි තුල පැලපදියම් වී ද කියන්න හෝ හෝ හඬ කන්කුහර තුලත්, ලුණු ලවන ගතිය නහයටත් මාළු ගොඩදැම්මත් මනුස්සකමින් පිරුණ ධීවර මිනිසුන් ඇස් තීරය පිටුපසටත් එන්නේ කිසිම ආයාසයකින් තොරව.
ReplyDeleteසුජීව, ඔබ ලියන අයට මොනතරම් දහිරියක් දෙනවාද කියන එක දකිනවා ඔබේ කොමන්ටු සටහන් වෙන මා නිතර ගොඩවදින බ්ලොග් කිහිපයක. දැන් වතුර ගැහුවා ඇති අපිට ඕන තවත් මැරතන් ධාවකයෙක්. ඔබේ රචනා විලාශය, ගැලීම, ඉදිරිපත් කිරීමේ අනන්‍යතාවයක් තියෙනවා. ඉන් අපේ පාඨකයින්ට, සහෘදයින්ට පිරිනමන්න බොහෝ දේ තියෙනවා. ලියමු, දිගටම ලියමු වෙලාව හම්බවෙන විදියට. ජය!
@ මාරයා
ReplyDeleteඅන්න එහෙම මනුස්සකමට තමන්ගේ අදහස් පලකරන එක කොච්චර හොඳද . හැමෝටම එකම අදහස තියෙන්න අවශ්‍ය නැහැනේ .එහෙම වුනහම කිසිම විවිධත්වයක් නැහැ . මාරයා කෙලින්ම කියල තිබුනනේ කලිනුත් ඔය ගැන .ඔබලාට මේ ඉසව් වල මට වඩා අත්දැකීමුත් තියෙන නිසා ඔන්න මන් ඔබට හිස නැමුව .
සුජීව ගෙ කෙටි කතා ගලා ගන යන විදියට මම හරිම කැමතියි , කම්මැලි කමක් නැතිව කියන්න පුලුවන්..වැරදි ටැක්සිය කතාව නම් මම කීප සැරයක් ම කියෙව්වෙ,
ReplyDeleteමේ කතාවෙත් හරිම සමීප බවක් දැනෙනවා..සමහර විට ගාලු පාර කියන්නෙ අපේ ගොඩ දෙනෙක්ගේ ජීවිත වලට සමීප එකක් නිසා වෙන්න ඇති. කතාව කියවගන යන අතරෙ මට දැනුනෙ මේක මම අත්විඳපු දෙයක් වගේ...ඔබ ඔය කියන පාලු කඩේ මම කොහේ හෝ දැකලා තියනවා කියලා මට හිතුනා..
සැබැවින්ම රස විඳින්න පුලුවන් යමක් පිලිගැන්වීම ගැන ස්තූතිය
කොච්චර හොඳ "කෙටිකතාවක්" ද. නොනවත්වා කියෙව්වේ ඒ වසඟයෙන්.
ReplyDeleteතවත් ලියන්න.
පාලු කඩේ වලන් බිඳින්නට කීප දෙනෙක් එක්වී හැටියක් පෙනේ . පහුගිය දෙසතියක් කාලයේ මට බ්ලොග් ලෝකයේ නිරීක්ෂණය වූ කරුණු කීපයක් ඇත .
ReplyDeleteඒ බොහෝදෙනා යන එන ,නිරතුරු කතා බස් කරන, අදහස් වලට ඉඩ ඇති, ඒ අදහස් වලින් තව බ්ලොග් පෝස්ට් ලියවෙන , සැහැල්ලු විනෝදයක් දෙන බ්ලොග් වලට නිර්නාමිකව හෝ නාමිකව ප්‍රහාරාත්මක කමෙන්ට් දැමීමයි . මේවා බොහෝවිට කුණුහරුපය . නැත්නම් ඉතාම අගතිගාමී අදහස් කැටිවුණ කිසියම් පිරිසකට , පුද්ගලයෙකුට පහර දීමට ලියන කමෙන්ට්ය .
අපි බොහෝවිට සිතන්නේ බ්ලොග් ලිවීම කලාවක් -එසේ නැතිනම් ප්‍රමුඛ කාර්ය බවයි . එහෙත් බ්ලොග් වලට කමෙන්ට් ලිවීමද යම් කලාවකි . වැදගත් කටයුත්තකි .බ්ලොග් එකක වටිනාකම රඳා පවතින්නේ කමෙන්ට් හෝ හිට් ගාන අනුව නොවේ . නමුත් යම් ගවේශණාත්මක , නිර්මාණාත්මක හා තොරතුරු සහිත බ්ලොග් වලට කමෙන්ට් මගින් එකවන තොරතුරු වැදගත්ය .එවැනි බ්ලොග් වලට නිතර ගොස් ඒවාට හුදේක් අනගි නිර්මාණයක් , හොඳයි, රසවත් යයි විතරක් නොකියා එයට තව තොරතුරු , කරුණු එක් කරන කීප දෙනා අතර එක්කෙනෙක් හැටියට සුජීව හඳුන්වා දීමට හැකිය . ඔහුට බ්ලොග් ඇති මුත් බොහෝ තොරතුරු ඔහු අනික් අයගේ බ්ලොග් වලට එක් කරයි . ඒවා නිසා බොහෝ රසවත් සංවාද මතුවුණ අවස්තා ඇත . මේ අයුරින් නිර්මාණාත්මක හෝ ගවේශනාත්මක බ්ලොග් රචනයකට කමෙට් එකක් ලිවිය හැක්කේ කියවීම , තොරතුරු සෙවීම අතින් යම් පමණක පරිණත බව ලැබූ අයෙකුටය . ඒ නිසා මෙවැනි දේ කමෙන්ට් වලින් එක් කරන උදවියගේ කමෙන්ට් දිග වුවත් කෙටි වුවත් මම එය අගයමි , එයට ඉඩ දෙමි .
නමුත් මා රස විඳින කිසිදු බ්ලොග් එකක කුනු හරුප හෝ පොදු යහපතට පහර ගසන යමක් වෙයි නම් ඒ වෙනුවෙන් කවුන්ටර් කමෙන්ට් ලියන්න හෝ එය හෙලා දකින්නද පසුබට නොවෙමි . බ්ලොග් එකේ අයිතිය වෙන අයෙකු සතු මුත් මා අගයන්නේ ලිවිමේ රටාව නිසා එහි අගය සිඳින අගතිගාමී අදහස් ඇත්නම් පොදු යහපත වෙනුවෙන් හෙලා දැකීම සදාචාරාත්මක යුතුකමක් ලෙස සිතමි .
තුන්වැනි කාරණාව කමෙන්ට් කරන අය ඇඩ් දැමීමයි . මෙය සුජීව ඉලක්ක කරගෙන මෙහි කතා බහ වී ඇති නිසා ඒ ගැන යමක් කිව යුතු යයි සිතමි. ඔහු ඔබ යමෙකුගේ බ්ලොග් වල ඇඩ් දානවා නම්, ඔබට එය කරදර බව හැඟේනම් ඒ ගැන ඔහු සමග කතා කර අකමැත්ත කිව යුත්තේ බ්ලොග් අයිතිකරුවා මිස තුන් වන පාර්ශවයක් නොවේ . එය සුජීව හා බ්ලොග් අයිතිකරුවා අතර විය යුතු කතාවකි . උදාහරණයක් ලෙස මගෙ යම් බ්ලොග් රචනයකට ඔහු දැමූ ලින්ක් එකක් මම ඉවත් කර එයට හේතුව ඔහුට පසුව කීවෙමි . ඔහු පලමු වරට මගේ බ්ලොග් එකට ගොඩ වැදී කවියකින් කමෙන්ටුවක් තබා ඊ කව ඔහුගේ කවි බ්ලොග් එකේ ලියද්දි මගේ බ්ලොග් රචනය හා එහි ලින්ක් එක දමා තිබුණි . මා දැක ඇති ලෙස සුජීව ඔහේ දාන්නන් වාලේ හැමෝගෙම බ්ලොග් වල ඇඩ් දමා නැත . එසේ කරනවා නම් ඔහු ඒ කර ඇත්තේ කමෙන්ට් එකකින් යම් වැදගත් දෙයක් එක් කරන ලද බ්ලොග් වලටයි .එසේම ඔහු ඇඩ් එක්කර තිබුණේ බොහෝ විට අදාල සංවාදයට උවමනා තැන් වලදී එයට ගැලපෙන සමාන අදහස් ඇති ලින්ක් වලිනි. ඒවා හිමි උදවියට ඒ ගැන අකමැත්තක් ඇත්නම් පුද්ගලිකව ඔහුට කීමට හැකිය . මට ඇති අත් දැකීම් අනුව ඔහු විවෘත මනසක් ඇත්තෙකි .
නමුත් පිලිගතයුතු නොබිඳිය හැකි කරුණක් වන්නේ ඔහු කමෙන්ට් වලින් එක් කල දේවල් නිසා අපි බොහෝ අයගේ බ්ලොග් පෝස්ට් රසවත් වූ බවත් අපි බොහෝ දෙනෙක් ගේ බ්ලොග් පෝස්ට් වල හොඳ සංවාද ඇති කිරීමට ඔහු සෑහෙන්න කාලයක් නිර්ලොභීව වියදම් කර ඇති බවත්ය .එසේ කරන මා දැනට දන්න අනික් මිතුරා ලී බෝනික්කා ලෙස අපි අමතන බූරාය .ඒ නිසා බ්ලොග් ලියන්නන් ලෙස අපි ටිකක් නිහත්මානී වී නොවැරදී අපේ බ්ලොග් කියවන එපමණක් නොව එය හොඳයි, රසයි ලෙස එක පදයකින් නොකියා එහි අරුතට යමක් එක් කරන අය වෙත්නම් ඔවුන්ගේ කාරියද අගය කල යුතුය .මා මෙය වැදගත් කර සලකන්නේ හැම කමෙන්ට් එකකින්ම ඉස්මතු කරන්නේ බ්ලොග් රචකයය . ඔහුට /ඇයට කමෙන්ට් කරන උදවියට එවැනි ප්‍රසංසා ලැබෙන්නේ අඩුවෙන් වීම නිසාය . අනික් අතට මේ ලියවිලි තුල ලියන්නන් හා කියවන්නන් ලෙස හඳුනා ගැනීමක් අපි කර ඇති නිසා කමෙන්ට් කරන කෙනෙක් වෙනුවෙනුත් සාදාරණ සුදුසු ඉඩක් වෙන් කිරීම යහපත්ය . එයට තම්න්ගේ බ්ලොග් එකේ විවිද සංවත්සර එනතෙක් ඉඳීමට උවමනා නැත . මේ මගේ පුද්ගලික හැඟීමයි .
ඒ අතරම සුජීවට දිය හැකි කෙටි උපදෙස මා ඇතුලු අනුන්ගේ බ්ලොග් දුවවන්නට ඔය තරම් කාලය වෙලාව වියදම් නොකර එය ඔබේ නිර්මාණාත්මක කටයුතු වලට යොදා ගන්නා ලෙසයි .
එසේම තවත් අවවාදයක් දෙමි . බොහෝ තොරතුරු සහිත කමෙන්ට් වලට හැම බ්ලොග් ලියන්නාම මනාප නොවෙන්නට පුලුවන . ඔවුන්ට අවැසි තොරතු වලින් මතුවන සංවාද වලට වදා හොඳයි රසයි කමෙන්ට් විය හැක . එය තේරුම් ගෙන කමෙන්ට් ලියන්න .හි හී
අවසාන ලෙසෙ කිව යුත්තේ බ්ලොග් වලට අලුත් හෝ පැරණි අය ලෙස බෙදීමක් ඇති නොවිය යුතු බවයි . බ්ලොග් ලියන සෑහෙන්න පිරිසකට ලිවීම අලුත් දෙයක් නොවන වග ඔවුන් බ්ලොග් වල ලියා ඇති දේ වලින් පෙනේ . ඔවුන් අලුත් විය හැක්කේ අන්තර් ජාලය තුලින් ලිවීමට පමණි .ඒ නිසා එවැනි කණ්ඩායම් සැදීම ඇවසි නැති වග ද කියමි .
මේ වගට
TG
මට කීමට ඇති දේ TG සමග සමපාත වේ.
ReplyDeleteනමුත් මගේ නමත් ගැවී ඇති නිසා මේ ටික කියන්නම්.
මා හිතන විදියට -හයිපර් ටෙක්ස්ට් වලින් කළ යුත්තේ එකිනෙකට සම්බන්ධ දේවල් යා කිරීමයි.
මේ අනුව සුජීව මේ කතාව ගැන දමා ඇති හැම ලින්ක් එකක් ම නිවරද නොවේ. උදා මං දැමූ ඩේසි-වේසි කතාවට මෙහි සම්බන්ධයක් නැත.
ඒ කියා මම එහි දමා ඇති ලින්ක් එක සහිත සුජීවගේ කමෙන්ටව කපා නොදමමි. මක්නිසාද යත් ඔබ්සෝවර් කියා ඇති පරිදි මෙච්චර මා ඊ-මේල් මගින් දන්නා සුජීව ගේ කවි බ්ලොගය හැර තවෙකක් ඇති බව මා දැනගත්තේ ඒ කමෙන්ටුව නිසා බැවිනි (පස්සේ නං දැක්කා තව තැන් දෙක තුනක!).
මා නලිනි චන්දිමා ගේ බ්ලොගය ගැන මුලින්ම දැක්කේමාරයා ගේ බ්ලොග් එකේ මාරයා දමා තිබු සටහනකිනි.
සුජීව ඔබට ජය.
මට කතාව ගැන කීමට ඇති දෙයක් ඊ-මේලයකින් එවා ඇත.
ටීජී: සභාවෙ අත්පොළසන් නාදය.
ReplyDeleteමගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්ම ගමන් ඇවිත් බලන කීප දෙනාගෙන් සුජීවත් එක්කෙනෙක්. ඒ වගේම ටීජී කියන්නා සේම, සුජීවගෙ කමෙන්ට් තුළින් හුඟක් වටිනා අදහස් මතු වෙනවා. කියවන දෙය උඩින් පල්ලෙන් කියවා නොව, හොඳින් අධ්‍යයනය කර විචාරය ඉදිරිපත් කරන බව පැහැදිලි වෙනවා. ඒක මට ලොකු දිරියක්.
සුජීව වගේ අය මගෙ බ්ලොග් එකේ ඇඩ් දැමීම මට ප්‍රශ්නයක් නොවේ. අනෙක, මෙච්චර කල් ඔහු දැම්ම සබඳියාවන්, මගෙ පෝස්ටුවට සම්බන්ධ මාතෘකා ගැන ලියවුණු ඒවා.
ජය!
ටීජී මාර කමෙන්ට් එකක්නේ. දාන්ට පහක්...ඔන්න මගේ බ්ලොග් එකෙත් සුජීවට ඕනම වෙලාවක ඕනම ඇඩ් එකක් දාගත්ත හැකි. සංවාදයක් තිබුනත්, නැතත්...:D:D:D
ReplyDeleteඔන්න හොඳයි අද කාන්තා පක්ෂය මේ ගැන කතා කරන එක ...ඊයේ මෙතන මන් තනියමනෙ .මටත් කියන්න ඕන වුනේ ඔය ටික . හැබැයි මන් ඊයේ ඔහොම ලොකු කතාවක් ලිව්වා නම් අම්මෝ මොන ජාතියෙන් ලැබෙයිද නොදත් නිසා කට පියන් හිටියේ . කවුරුත් දන්නා පරිදි සුජීව හොඳ මිතුරෙක් . ඔහු මගේ පොස්ට් වලට දැමු කමෙන්ට් අපි හැමෝම අගය කරනවා . මගේ බ්ලොග් එකේ නම් ඉතින් කියවීමට හැකි ඕනෑම දෙයක ලින්ක් එකක් දැමුවාට ගැටළුවක් මට නැහැ . ඇත්තම කියනවා නම් හැමදාම එකම රාමුවේ හිරවෙලා ඉන්නවට වඩා ලින්ක් එකකින් හරි අලුත් දේවල් ලැබෙන එක හොඳයි.
ReplyDeleteනං ගං ඉතිං වෙනස් කරල කතා ලියන බව දන්න හින්ද ඇත්තටම ට්‍රයි කලේ මේ කොයි හරියද කියලවත් හිතා ගන්න. ඒකයි ඇහුවෙ "වැළමිට වංගුව" තිබ්බ තැන.
ReplyDeleteමමත් ගොඩ වැදුනෙ අරුණිගෙ හරි කුමාරිහාමිගෙ හරි බ්ලොග් එකක තිබ්බ ඇඩ් එකකින්. ඇඩ් එකක් දාන එක සමහරු මේ තරං අවුලක් කරගන්නෙ ඇයි කියල තමයි හිතා ගන්න අමාරු! කතාවක් තීනවනෙ "සාතන්ට වැඩක් නැති උනාම තමංගෙ ළමයට හරි xxx අරිනව කියල" ඒ වගේ වෙන්නැති.
ඊයේ අහම්බෙන් මනෝගේ බ්ලොග් එක හරහා මේ බ්ලොග් එකට මාත් ආවා. කතා ගොඩාක් ඕනේ නෑ. ඔබේ ලිවීමේ හැකියාව නම් පංකාදුයි. මෙයිට ඉස්සර ඔබ ලියපු කතාවක් දෙකක් කොහෙන් හරි කියවපුබවක් මතක තියෙනවා. අනික මම ඔබව දකින්නේ බොහෝ මම කියවන බ්ලොග් වල මොනා හෝ දෙයක් සංකීර්ණ විදියට කතා කරන කෙනෙක් විදියට.
ReplyDeleteඉතිං කාට හරි කියවන්න ඔබේ බ්ලොග් එකේ ලින්ක් එක බෙදා ගත්ත එකේ වරදක් මම දකින්නේ නෑ. මොකද ඔබ ලියන්නේ රෝස මල් කතා නෙමෙයි. සිංහල බ්ලොග් අවකාශයේ පැවත්ම කියන්නේ ඔහේ යන එන මං නැති සිංහලෙන් ලියන බ්ලොග් නෙමෙයි. භාශාවක පැවත්ම නිර්මානාත්මක බව බොහොම වැදගත්. අනිත් එක මේ බ්ලොග් අවකාශේ පරණ අය (සීනියර්ස්) එහෙම නැත්නම් පොරවල් කියලා කල්ලි ගැහෙන එක නම් මහා ලොකු විහිළුවක්. එහෙම කියන බොහෝ අය සැබෑ පොරවල් නෙමෙයි.
අනිත් එක තමයි මගේ කතාව මම සිංහල ඉගෙන ගත්තේ නෙට් එකෙන්. ඒක හින්දා ඔය සිංහල භාශාවේ පැවැත්ම වගේ දේවල් මම බොහොම අගය කරනවා. අනික මටත් තියෙනවා බ්ලොග් එකක්. ඒත් මම දන්නවා මගේ බොහොම දුප්පත් සිංහල ටිකෙන් මට මගේ පෞද්ගලික සටහනකට වඩා එහා දෙයක් කරන්න බෑ කියලා. ඒත් මේ වගේ වටිනා කියන බ්ලොග් කියවලා මම මගේ සිංහල දියුනුකරගත්තා කියන්න මම නම් ලැජ්ජා වෙන්නෙත් නෑ. මම දන්නවා අවුරුදි විසි ගාණක් භාවිතා නොකරපු භාශාවක් ඉගෙන ගෙන මම අද වෙද්දි මොන තරම් සතුටක් ලබනවද කියලා? කොටින්ම මට මතකයි කතන්දර මට හමු උන වෙලේ එයා එයාගේ දුවත් මම වගේ වෙයි කියලා කියපු කතාව. (මේ භාශා ප්‍රශ්න ගැන) මාව පෞද්ගලිකව දන්න කියන යාළුවෝ මේ වෙද්දි මම ලංකාවට ආවම හිනාවෙන්නෙත් අපිවත් දන්නේ නැති වචන දැන් උඹ දන්නවා කියලා. ඒ අස්සේ මට තියෙන්නේ හරිම අහංකාර සතුටක්. මට මතකයි ඉස්සර ලංකාවට ආවම නිකම්ම නිකම් සුද්දෙක් වෙලා කට වහගෙන හිටපු හැටි. මේක මේ පොර කතාවක් නෙමෙයි. හොඳ සටහනක් හරහා බිහි වෙන සමාජය ගැන විතරයි කියන්න ඕන උනේ.ù
ඇත්ත සමහර වෙලාවට බ්ලොග් කියවද්දි හිතෙනවා මම සිංහල ස්කෝලේ නොගිහිනුත් මෙයිට වඩා හොඳට ලියනවා කියලා. ඒක හින්දා සුජීවලා වගේ අයගේ කතා තව නෙට් එක පුරා ව්‍යාප්ථ වෙන්න ඕනේ. වටිනා කියන දේවල් පොඩ්ඩක් උනත් කමක් නෑ නෙට් එකට එන්නම ඕනේ.( බොහෝ වෙලාවට අපිට තියෙන කාලවේලාවන් එක්ක නිතර සටහන් ලියන්න බෑ තමයි. ඒත් අඩුම ගානේ හැකියාවන් තියෙන අය මෙයිට වඩා නිර්මානත්මක සටහන් සිංහල බ්ලොග් අවකාශයට ගේනවාට මම නම් කැමතියි.
@ඩීන්;
ReplyDeleteඔබට බෙහෙවින් ස්තුතියි. ඔබත් මේ දෙයම කරන කෙනෙක්. මේ එකිනෙකා දිරිගැන්වීම සිංහල බ්ලොග් අවකාශය තුල තිබෙන ඉතාමත් යහපත් ගති ගුණයක්.
ඔව් කොච්චර අව්වට පිච්චුනත් මුහුදු හුළං අපට ගේන්නේ සිසිලක්. මේක ලිවීමෙන් අතීත මතක ඇවිස්සි ලියපු මමත් ලොකු වින්දනයක් ගත්ත.
@ලකී/ඉන්දික;
කතාව ලියන්න පාදක වෙච්ච පාලු කඩේ නම් ඔය කිව්ව හරියෙම නෙවෙයි තියෙන්නේ. හැබැයි එච්චරයි ඔය කතාවේ මහ පොළොවේ තියෙන දෙයකට ඇත්තේ. ඔය කියන හන්දිය මගේ හිතේ තියෙන රූප ගැලරියේ තියෙන දියසායම් චිත්‍රයක් වගේ එකක්. හීනයකින් සෙට් වෙලා වෙන්නත් පුළුවන්. :)
@මගේ ජීවිතය;
ඉක්මනින් තව එකක් ලියන්න ඕනේ.
@ටීජී;
ඔබට බෙහෙවින්ම ස්තුතියි. අදහසට මෙන්ම උපදෙසට. මා ඔබ සමග එකඟයි. හොඳ කතාවක් ලිවීමෙන් යහපත් දෙයක් මෙන්ම ලියන්නා/කියවන්නා දෙපලටම තෘප්තියක් ලැබෙනවා. එ නිසා පොස්ට් එකක් ලියන්න කාලය යෙදවීම වඩාත් වැදගත්.
මං කරන්නේ ප්‍රිය ජනක [එහෙමත් නැතිනම් පන ගැහෙන] රස්සාවක් නොවේ. එතන වෙන සිද්ධි ගැන ලියන්න දෙයක් නැහැ. හරි අඩුයි. යාලුවන්ගේ මඩ හැරුණු විට වෙන පන ගැහෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ මදිවට ජීවිතයකුත් නැහැ මොකද රෑ වෙනකම් එතන.
ඉතින් ලෝකයට විවර වෙච්ච ඇහැක් වගෙයි මට බ්ලොග් අවකාශය. ඒ වගේම එහි ඉන්න ලේඛකයින්.
ලින්ක් දැමීම ගැන ඔබේ අදහසට මාත් එකඟයි. බ්ලොග් හිමිකරුවා නොවන වෙනත් කිසිම් බලධාරියෙක් ඉන්න බැහැ නේ මේ නිදහස් බ්ලොග් අවකාශයේ. මං හිතන්නේ වදයක් නොවෙයි නම් මේවාට නීති අවශ්‍ය නැහැ කියලා. කොහොම වුනත් මගේ පැත්තෙන් වෙච්ච සිද්ධිය ගැන වඩාත් සැලකිලිමත් වෙනවා ඉස්සරහට.
@කතන්දර;
ස්තුතියි ආවාටත්, උපදෙසටත්. හැදුවා ඒක.
@නලිනි;
ඔව් එතන නිතරම චෙක් කරන තැනක්. කියවන්නන් නිතර ගිහින් බලන්නේ ලියන්නියගේ විශේෂ කෞශල්‍ය නිසානේ.
@පොඩ්ඩි;
වලව්වේ දොර ඇරලා දුන්නට ස්තුතියි. වැඩිය කොමෙන්ට් නොදැම්මට මං ඔය පැත්තේ ඇවිත් කියවලා යනවා.
හප්පා ඒක වලව්වක්ම තමා. අක්කර ගානක තඩි වත්තයි බංගසාල ගේ තඩියයි කොහොම මේන්ටේන් කරනවද මන්දා. එන මිනිසුන්ගේ විවිධත්වයත් එහෙම්මයි. ඔබ සුවිශේෂී ලේඛිකාවක් කියන ඒක අපි කියන්න ඕනේ නැහැ මයේ හිතේ. එතනට ගොඩ වදින තරමට.
@ඉන්දික;
මේ වෙලාවේ ඒ කට්ටියට තව බ්ලොග් එකක් ලියන්න බැරි ඇයි? සාතන් ගැන ලියන්න බැහැ එකෙක් ඒක ලියනවා. මහසෝනා ගැන හරි කමක් නැහැ.
@බින්දී;
ස්තුතියි.
@රන්ගි;
බ්ලොග් අවකාශයේ ඉන්න විශේෂ පුද්ගලයෙක් ඔබ, මොකද අපි ඔක්කොම පුංචි කාලේ ඉඳලා සිංහල කතා කල නිසා. දුප්පත් කෙල්ලගේ බ්ලොග් එක මං ඉස්සරම ඉඳලා කියවන එකක්. දැන් ලියවීම අඩු වෙලා නේද?
මෙහි ආවාටත් ලබා දුන්නු දිරියටත් ස්තුතියි.
@කට්ටියම;
මේ පොස්ට් එක සෑහෙන්න ඇගයීමකට ලක් වුනා. මට එ ගැන ලොකු තෘප්තියක් තියෙන්නේ. ආයිත් ලියන්න ආසා හිතෙනවා. එ නිසාම ආයිත් ළඟදීම ලියවෙයි.
ආපු කියවපු අගයපු වැරදි පෙන්නපු අවවාද දීපු සැමට ස්තුතියි.
ඇඩ්මින් ප්‍රශ්නයක් තියෙනවා. මං කොමෙන්ට් සඳහා ඇලර්ට් එකක් දා ගත්තා. ඒ මට. ඔබටත් ඒ නිසා මේල් ඇලර්ට් එනවද? මේ තත්වය මග හරවන හැටියක් කවුරුහරි දන්නවද?
ReplyDeleteඅවශ්‍යතාවය, මට හැම කොමෙන්ටුවකින්ම ඇලර්ට් එන නමුත් අනික කොමෙන්ට් කරුවන්ට එහෙම නොයන පරිදි මේක කොන්ෆිග් කරන එක.
හ්ම්ම්ම්ම්ම්ම්....
ReplyDelete\\අනතුරට පෙර වැළැක්වීමේ ක්‍රමවේදය //...ඇයි මේක හොද නැද්ද??
@නිමන්ති;
ReplyDeleteකොහෙත්ම නැහැ.
මේ කතාවේ හැංගිච්ච මගේ සත්‍ය අත්දැකීමක් ඒක.
අපේ තාත්තා මියයනකොට මට 11 යි. අපිව බලා ගත්තේ අම්මා හා ඇගේ පවුලේ අය. ඉතින් අන් අයට කරදරයක් වෙන නිසාත් අම්මා ගැන දුක නිසාත් "අනතුරට පෙර වැළැක්වීමේ ක්‍රමවේදය" තමයි කලේ. අම්මා මුලින් බලෙන් දාපු ඒක, පහු වෙනකොට මං ම ක්‍රියාත්මක කළා.
අන්තිමට සාමාන්‍ය පෙළ ලං වෙනකොටත් මට පුස් බයිසිකල් පදින්න බැහැ. [පස්සේ මාමා කෙනෙක් ගෙදරට හොරෙන් බලෙන් උගන්නුවේ]. උසස් පෙළ කරනකම් ට්‍රිප් එකක් ගියේ නැහැ. මුල්ම චිත්‍රපටිය හෝල් එකේ බැලුවේ ලංකාවෙන් උසස් අධ්‍යාපනයට විදෙස් ගත වූ පසු. කිසිම ක්‍රීඩාවක් කර නැහැ පාසල් කාලේ. ගඟයි මුහුදයි පිහිනීමට කප් ගහපු පාසලයි තියෙද්දී මට පිහිනන්න බැහැ. ගස් නගින්න බැහැ. මෝටර් බයික් පදින්න බැහැ.
19 දී ජීවිතේ රීසෙට් කර මගේ තනි මතයට ජීවත් වෙන්න පටන් ගත්තා. එහෙම නොවෙන්න අද මං තවම අම්ම එක්ක ප්රෝපොසල් හොයනවා. නැහැ නැහැ අම්මා මට ප්රෝපොසල් හොයනවා.
කෙටි කතාව ඇතුලෙ නොකියවුන, ඒත් ඉහත කොමෙන්ටුවෙන් කියවුන මේ කතාවට මම කැමතියි.....ඇත්තටම හිතන්න යමක්...වැලැක්වීමෙ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙදී අපි යම් සීමාවක සිටිය යුතු බවට හොඳම උදාහරණයක් ඔබ දුන්නෙ,,,ස්තූතියි..
ReplyDeleteමම නොරට නිසා ගෙදර උන්දැ මගෙ පොඩ්ඩා වෙනුවෙන් ඔය ක්‍රමවේදය තරමක් දුරට භාවිතා කරන නිසා මේක මගෙ බොක්කටම වැදුනා...
මේ පැත්තේ එන්න ලැබුනේ අද. ඔබ ලියන රටාව හරිම නිරවුල්. චිත්ත රූප මැවෙන විධිහට එත් වැඩි වැල් වටාරන් නැතුව කතාවක් කියනන පුලවන් ඔබ වගේ හොඳ ලේඛකයෙකුට විතරයි කියලයි මට නම් හිතෙන්නේ. එතැනදී ලියන රටාව අලුත් ද පරණද කියන එක නම් එච්චර වැදගත් වෙන්නේ නෑ (මට නම්). කොහොමත් සන්යමයෙකින් භාෂාව හසුරුවල ලියන දේ කියවන්න හුගක් අය කැමත්යි.
ReplyDeleteසිංහලෙන් බ්ලොග් ලියන අයව දිරිමත් කිරීම ගැන සහ නිතරම කියවන්න යමක් එකතු කිරීම ගැන මගෙත් ස්තුතිය .
ඉක්මනින් තවත් අලුත් කතාවක් ලියන්න ඔබ තුල ජීවත්වෙන අපූරු ලේඛකයාට කාලවේලාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
අනතුරට පෙර වැළැක්වීමේ ක්‍රමවේදය ගැනනම් සුජීවගෙ මතයෙම තමයි මම ඉන්නෙ. වීමට ඉඩ ඇති අනතුර ගැන දැනගෙන, පරිස්සම් වෙලා මගට බහින්නයි කියා දෙන්න ඕන.
ReplyDelete@ලකී;
ReplyDeleteසංවේදී අවස්තාවක්. මට කියන්න හිතෙන්නේ මේක පොඩ්ඩට අහිතකර බව. ඒත් මං දන්නවා තාත්ත රට ඉන්න කොට අම්මෙක් දරුවා වෙනුවෙන් විඳින දුක. මං ට්‍රේනින් ඉඳලා එනකොට "අපේ උන්දා" විඳලා තිබ්බ දුකක්. අනික ආර පන්සල හන්දියේ කිව්වා වගේ ඔය ගෙදර උන්දෑ කියන්නේ පුදුම කැප කිරීමක් කරන පුදුම දහ දුකක් විඳින කෙනෙක්. කටක් ඇරලා කොහොමද කියන්නේ ළමයට නිදහස දෙන්න කියන ඒක. ඒකටත් පිච්චෙන්නේ එයාගේ පෙට්‍රල්.
රට නොහිටියට මාත් ගෙදර ඉන්නෙ හරි ටිකයි. නිදහසේ දඟ කරන්න අපේ පොඩිත්තිය වාසනාව ලබා ඇත්තේ ඒවාට ෆුල් සපෝට් සීයා නිසාවෙනි.
හැකි නම් ඒ වගේ විදිහක් හොයා ගන්න හරි අගෙයි.
@චන්දි;
ස්තුතියි. මේක අටවගෙන තරමක් කල්. ස්ටඩිස් නිසා ලිවිම නතර වුනා. මෙතන සිට දිගටම ලියනවා කියා හිතාගෙන ඉන්නවා. ඔබ සැම ගෙන් ලැබුණු දිරිය නම් හරිම වටිනවා.
@නලිනි;
ReplyDeleteවැඩේ තියෙන්නේ ඒ කාලේ ඕකට චාන්ස් එකක් අපිට තිබ්බේ නැහැ. තාත්තෙකුත් නැතුව අම්මට වද දෙන්නේ කොහොමද?
19 ට පස්සේ එන්නේ අර ස්ටේෂන් වල නිදා ගන්න කාලේ. අන්තිමට 2001 යුද්ධේ මැද්දේ කොටි පැත්තටත් ගියා [පිජන් අයිලන්ඩ්]. සෙනසුරු මහ දසාව ලැබූ කාලේ ඒ.
ඔබ කියන කතාව ඇත්ත...ස්තූතියි අදහසට...
ReplyDeleteඔය ස්ටේෂන් වල නිදාගන්න එක තියනවා නේද ? එක්කො ඕන නැහැ...ඕවා කියන්න ගිහින් හදිසියකට බෙහෙතක් ගන්නවත් යන්න බැරි වෙයි...
අවංකවම කිව්වොත් මං ස්ටේෂමක බුදියගෙන නම් නැහැ. හැබැයි ඔය ජාතියේ වැඩ නම් කරලා තියෙනවා සෙනසුරු මහා දසාව කාලේ. "ස්ටේෂන් වල නිදා ගන්න කාලේ" මෙටෆොරික් ටර්ම් එකක්.
ReplyDeleteඒයි බොරු කියාන්ට එපා.. 2001 කොහෙද බාං යුද්ධයක් තිබ්බෙ, ඒ කාලෙ සටාන් විරාමය නොවැ.. අපිත් ගියා ට්‍රින්කො පැත්තෙ රවුමක් ගහන්ට.. :D
ReplyDeleteබුරා තුමා;
ReplyDeleteමගේ මතකයේ හිල් වෙන්න පුළුවන්. හැබැයි මට මතක විදිහට නම් 2001 කියන්නේ අපි මදියි නොකියන්න කාපු වසරක්. රනිල් වහන්සේ ලෝකෙට සාමේ ගෙනාවේ 2002 පෙබරවාරි හරියේ වෙන්න ඕනේ. අපි ගියේ 2001 සැප්තැම්බර් විතර කියල මතක. අපි ගියේ මොරටුවේ කැම්පස් උන්නු එහෙ "ගමේ බුවෙක්" එක්ක. ඌ උගේ "යාලුවන්ගෙන්" චෙක් කරලා තිබ්බ අපිට අනතුරක් නොවන බව. එහෙ ගිය දවසේ රෑ කිමි80ක් විතර මුහුදේ අපේ ඩෝරා වලට ගහල අපි දන්නේ නැහැ. ට්‍රින්කෝ වල අය ටිකක් උණුසුම් වෙලා උන්නේ මේ සිද්ධිය නිසා.
කින්නියාව පැත්තේ බෝඩර් එක සාමකාමිව තිබ්බ. ආමි එකෙනුත් අපෙන් ඇහුවා අනතුරුදායක බව දැනගෙන යන ගමනක් නේද කියලා.
මං හිතන්නේ හෝටලේට එන අයට කවුරුත් කරදර කලේ නැහැ. අනික ඔය යුද්ධ කාලයක් නිසා අපිට අනතුරු අඩුයි. මොකද සාම කාලේ නිකම් ඉන්න බැරි කොටි මිනිසුන්ව කප්පම් ගන්න අරන් ගියා නේ. :)
මෙන්න මනුස්සයගෙන් ම දැනගන්න.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Ranil_Wickremasinghe
ආයෙත් ආව "පාලු කඩේ" තව පාරක් කියවන්න කියල, ඇත්තටම කියෙව්වෙ කොමෙන්ට්. එතකොට තමා මතක් වුනේ මාත් දැන් බ්ලොග් එකක් ලියන "පොරක්" නේද කියල. සුජීව මගේ ඕනෙ පෝස්ට් එකක, පෝස්ට් එකට සම්භන්දයක් තිබුනත් නැතත් ඕනෙ වෙලාවක ඇවිල්ල ලින්ක් එකක් දාල යන්න ආරාධනා කරනවා.
ReplyDelete2001 දි තමයි කටුණායකට ගැහුවෙ. ඒ ඇරුනම තව අගමැතිගෙ ගේ ගාව. මඩකලපුව වගේ තැන් කීපයක පොඩි බෝම්බ එක දෙකක් (පොඩි?!#!) ගියා. අනික 2001 එකේදි පිපිරෙව්වෙ ඩෝර එකක් නෙමෙයි පේදුරුතුඩුවෙ ඔයිල් ටෑන්කර් එකක්!
ReplyDeleteකොහොම උනත් 2001දි ආමි එක හිටියෙ ඊට ගොඩක් ඉස්සරහින්.LRRP මෙහෙයුම් නිසා ශංකර්, මනෝ වගේ ප්‍රභල කොටි නායකයො මරල, තමිල් සෙල්වම්ගෙ කොන්වෝයි එකටත ගහල තිබ්බ ඒ දවස්වල පිරිබ බයට එළි බැස්සෙත් නැති බව තමයි මම නං අහල තිබ්බෙ!
ඔහොම තියෙද්දි දෙසැම්බර් ඡන්දෙ ආව ගමන් පිරිබ ගොය්ය ඒකපාක්ශික සටන් විරාමයක් ගෙනල්ල රනිය දිනවල ආමිකාරය්න්ගෙ ඔළුවලට උඩි බංකර් වල වහලට චූ කරල රට එක්සේසත් කරන්න මඟ පෑදුව!
කොහොම උනත් ඔය අවුරුදුවල හබරණ කිව්වම ගොඩක් උංගෙ කකුල් වෙව්ලපු එකේ නිලාවැලියට ගිහින් ආපු එක ලොකු දෙයක්. ඔය හෝටලේ අයිති ටැංජරීන් හෝටල් සමාගම මහ ලොකු බද්දක් ගෙව්ව සැපයුම් වලට කරදරයක් නොකරනවට(ඔය බද්දෙ පිහිටෙන් තමයි අපේ මිනිස්සු,බඩු මුට්ටුත් පරිස්සමින් ආවෙ ගියෙ ). හැබැයි කවුරු කවුරුත් දැනං හිටිය ගෙස්ට්ලට කිසි අවුලක් නොවෙන බවත්. මොකද ඒ වෙනකොට කොටි මං හිතන්නෙ තේරුන් අරන් හිටියෙ ජාත්‍යන්තරයෙ හිත රිදෙන ඇටෑක් කිරීම ඇඟට ගුණ වැඩක් නෙමෙයි කියල ( 1991 රජීව් මලායින් පස්සෙ )
@ඉන්දික,
ReplyDeleteස්තූතියි මතකය නිරවුල් කලාට.. මෙහෙම ගියොත්නං තව ටික කාලයක් යනකොට පිරබා කියන්නෙ කවුද කියලත් අමතක වෙයිද දන්නෑ.. :D
රටෙන් පිට ඉන්න අපිට මේව මතක තිබ්බට රටේ උන්ට දැන්ටම අමතකයි!
ReplyDelete@ඔබා;
ReplyDeleteස්තුතියි මේ පැත්තේ එනවට. මමත් ගොඩ වදිනවා ඒ පැත්තේ. හොඳ බ්ලොග් එකක්.
@ඉන්දික;
හරියට කාල වකවානු කියලා තියෙන්නේ. ඔව් ඒ කාලේ තරමක සංක්‍රාන්ති කාලයක්. අපි වගේ ලපයි සිපයි අල්ලං යනවට වඩා කොටින්ට වැඩ තිබ්බා කරන්න. "සාමේ" කාලේ තමයි උන් ඒ වගේ බාල වැඩ කලේ.
ඔය LRRP මෙහෙයුම් තදබල හේතුවක් ලු රනිල් වහන්සේ ලෝකෙට සාමේ ගෙන එකට කොටි ලොක්ක ඕකේ ඒක දෙන්න.
ඔබ කියන්නා සේම මෙහෙ අයට නම් ඔය දේවල් අමතකයි. ඒ විතරක් නොවේ මෙහෙ දැන් සෑහෙන මතවාදයක් පැතිරෙනවා කොටින් සමුල ඝාතනය කල එක වැරදි බවට.
මහින්ද නරකයි ==> මහින්ද කොටි ඉවර කළා ==> ඒ හින්දා කොටි හොඳයි වගේ 9 වසරේ තාරකත් මතු කරන වැඩි-පොඩි-හිටියන් ගොඩකුත් එක්කයි අපි ඉන්නෙ.
ස්වස්ථි .
ReplyDeleteසිහින මි
නිතර නොඑන මුත්
අද පැමිණීමි
ෂෝර්ට් කතාව බැලීමි .
මෙසේ ලියා යමි .
ප්‍රමාණාත්මකව දැනුන මුත් නුඹට තවත් වදින්නට ලිවිය හැකි බව දනිමි .
ජයෙන් ජය පතිමි .
මම මෙහෙම ඇහුවේ මට කරන්න වෙලා තියන්නෙත් අනතුරට පෙර වැළැක්වීම නිසයි..[හා ඒ නිසාම මටත් චෝදනා තියන නිසයි..] ඒත් ඔබට වගෙ තරම් නම් වැලැක්වීම් කරලා නෑ..මගේ පුතාලා දෙන්නම ටිකක් විතර වතුරට බය තියන නිසා පීනන්න යන්න අකමැත්තක් තියනවා .. ඒ ඇරෙන්න අනිත් දේවල් නම් කොයි තරම් අකමැත්තෙන් උනත් මම කරන්න දීලා තියනවා.
ReplyDeleteඔබ කියන දේ ඇත්ත..දෙදෙනෙකුගේ වගකීම් තනියම දරන්න වීම හරිම බැරෑරුම් ටික කාලෙකට හරි... මමත් මේ දවස් වල එහි රසය විදිමින් මේ ඉන්නේ ...
@සිහින;
ReplyDeleteස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනාට. ඔව් අවශ්‍යවන්නේ නම් අදට වඩා හෙට හොඳ නිර්මාණයක් කිරීමයි. උපරිමයෙන් උත්සාහ කරනවා.
@නිමන්ති;
100% ක් ම තේරුම් ගත හැකි තත්වයක්. පුළුවන් තරම් මානුෂිය ව හිතීම වැදගත්. අපට වෙච්චි සිද්ධියේ හැටියට අපිමත් සෙල්ෆ් සැන්ක්ෂන් දා ගත්තා අම්මා පවූ නිසා.
බාගෙට ලියු කතාව සම්පුර්ණ වූ වහාම අලුත් පිටුවක් පෙරළෙනු ඇත. ඔබේ සහය එහිදීත් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteකවුද ඔය ලින්ක් දාන්න එපා කියන්නෙ? බලෙන් හරි අපි දානවා....
ReplyDeleteමෙන්න...
http://ambagaha.blogspot.com/2011/09/short.html
ReplyDeleteඅඹගහ යට බ්ලොග් එකෙනුයි මේ පැත්තට පාර හොයාගත්තේ.සුජීව ගේ මෙහෙම බ්ලොග් එකක් තියෙන බව දැනගෙන හිටියේ නැහැනේ.අපූරුයි කතා ශෛල්‍යය. තව ලියන්න.අපි කියවනවා!සුභ පැතුම්!
ReplyDeleteමමත් ආවා සුජීව දෙවන කොටසක් වත් දාලද කියල බලන්න . කොහෙද වෙලාව නේද අශ්වයා ට සාත්තු කරනවනේ නේද .
ReplyDeleteඅද තමයි ඉස්සෙල්ලම කියෙව්වෙ. ඇත්තටම හොඳයි. දිගටම ලියන්න.
ReplyDeleteවසර දහස් ගනණක ඇදහිලි ප්‍රවාහය, නූගත්කම සහ මෝඩකම නිසා පවතින්නකි. එහි පදනමක් නැත. ඇත්නම් ඒ නූගත්කම මෝඩකම නැමති පදනමයි. මෙවැනි මනෝ විකාර ඔලුවේ තබාගෙන ජීවිත කාලයක් පුරා බියෙන් සැකෙන් විඳවන්නවුන් කොපමණ නම් වේද?
ReplyDelete"ඉතින් මේ මං ම ගන්නකො. මගේ අඟහරු හතේ. මං බැන්දේ නැහැනේ"
ReplyDeleteමාරයි..!
අඹ ගහෙන් තමයි පාර හොයා ගත්තේ.
දිගටම ලියන්න.
උසස් ලියවිල්ලක්.ඔයාගේ කමෙන්ට් කලින් දැක්කට බ්ලොග් එක දැක්කේ ලගදි.හරි ලස්සනට ලියනවා.සුභ පැතුම්.
ReplyDeleteහරිම අපූරුයි යාළු...සුභපැතුම් දිගටම ලියන්න. charmiතමා ඔයාගේ බ්ලොග් එකට පාර පෙන්නුවේ
ReplyDeleteකොකා .. මචං එක වචනෙකිං කියනවනං මේක.. මරු!
ReplyDeleteඅලුත් පෝස්ට් එකක් දැම්මා.
ReplyDeleteදැන් නිදිමතයි. කට්ටියට ඉක්මනින් උත්තරයක් දෙන්නම්.
අර ඇනෝ කමෙන්ට් එක වෙන කවුරුත් නෙමෙයි හෂිත හෙවත් තමන් පොරක් යැයි හිතාගෙන ඉන්න හාල්පාරුවගේ එකක්. හික්ස්
ReplyDeleteහරිම ලස්සනට ලියල තියෙනවා.සිත් ගන්නා සුලුයි බාශාව හැසිරවීම..සුභ පැතුම්.
ReplyDeleteස්තුතියි ආවාට පුංචි කුමාරිහාමි.
ReplyDelete